වැඩ කලේ නැතත් මේ මාසේ පඩියත් අපිට හම්බවෙනවා, අපි ආයත් නැගිටින්නම්, පුංචි කාලයක් දෙන්න – බ්‍රැන්ඩික්ස් සේවිකාවගේ සංවේදි සටහන

කොවිඩ් 19 වෛරසය නැවතත් අප රට තුළ ව්‍යාප්ත වීමත් සමඟින් බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඇතැම් පාර්ශව විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින්ටද දෝෂාරෝපණ එල්ල කර සිටි නමුත් මේ වන විට කළමණාකාරීත්වය විසින් සියළු සේවකයින්ගේ ආරක්ෂාව හා සුභසිද්ධිය උදෙසා විවිධ තීරණ රැසක් ගනිමින් සිටිනවා.

ඒ අනුව මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සේවකයින් හට අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමට ආයතනය කටයුතු කර තිබෙනවා. එමෙන්ම සියළුම සේවකයින්ට මෙම මාසයේ වැටපු ද කිසිදු අඩුවක් නොකොට ගෙවීමටයි කළමණාකාරීත්වය තීරණය කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් නිරෝධානය මධ්‍යස්ථානයක සිටින සේවිකාවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක්කරමින් තොරතුරු ඉදිරිපත් කර තිබුණා.

ඇයගේ සටහනේ වැඩිදුරටත් දැක්වූනේ තමන් මෙන්ම ඔවුන්ගේ ආයතනයේ සියළුම දෙනා මේ සිද්ධියෙන් පසුව ඉතාමත් අපහසුතාවයට පත් වූවත් ඉදිරියේදීත් රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් ඉටු කිරීමට බ්‍රැන්ඩික්ස් ආයතනය සමඟ එක්ව කටයුතු කරන බවයි.

පහතින් දැක්වෙන්නේ ඇයගේ ෆේස්බුක් සටහනයි….

Next Post

දෙවැනි කොවිඩ් රැල්ල පටන් ගත් තැන බුද්ධි අංශ සොයාගනී - බ්‍රැන්ඩික්ස් එකට ඇවිත් තියෙන්නෙත් සීදුවේ හෝටලයකින් - සිද්ධියට යුක්ක්‍රේන ගුවන් යානයක සම්බන්දයක්

Mon Oct 26 , 2020
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ. මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ […]

Breaking News