රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි – අද දිනට පමණක් දැනට රෝගීන් 73ක්

ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව යටතේ රටේ සෙසු ප‍්‍රදේශවලින් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.ඒ සඳහා මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය වූ බව යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අද වන විට රටේ තැනින් තැන කොරෝනා ආසාදිතයන් සමූහ පොකුරු වශයෙන් හමු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.මෙම ඇතැම් රෝගීගේ වෛරසය ආරම්භක ස්ථානය සොයා ගත නොහැකි තත්ත්වයක් උදා වෙමින් ඇතැයි සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ හේතුවෙන් කොරෝනා රෝගය සමාජගත වූ බවට නිවේදන නිකුත් කිරීමට සිදුවන අන්තිම අවදානම් අදියරට රට ශ්‍රී ලංකාව පත්ව සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේ ය.කෙසේ නමුත් රෝගීන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වී තිබීම බෙහෙවින් වාසි සහගත තත්ත්වයක් වී ඇති බවද ඔහු පවසයි.

කොරෝනා ආසාදිතයන්ගේ ආරම්භක තැන සොයනවාට වඩා දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් ගැන අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා පවත්වෙන බව ද ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.

කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.නමුත් මෙම වෛරසයට වැඩිහිටියවන් ගොදුරු වුවහොත් ඔවුන් මරණයට පත්වීමේ ඉඩකඩ ඉහළ වැඩි බව ද ඇය සඳහන් කරන්නීය.ඒ නිසා වැඩිහිටියන් මෙම රෝගයට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

Next Post

වෛරසය ඇඟේ තියෙන දින ගණන හරියටම කියන්න බෑ

Sat Oct 17 , 2020
කොරෝනා වෛරසයේ ආයු කාලය දින කීයක්ද කියලා තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. තාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිනවා” යැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය ඊයේ (16 වැනිදා) පැවසුවාය. නමුත් මෙම කොරෝනා වෛරසය ජංගම දුරකථන, පෑන් පැන්සල්වල, යකඩ පෘෂ්ඨයන් මත වැඩි කාලයක් රැඳී පැවතිය හැකි බව ඇය සඳහන් […]

Breaking News