කොවිඩ් රෝගීන් ගමන් ගත් බස් රථ හය මෙන්න – වායුසමනය කල බස්රථ සඳහා විශේෂ උපදෙස්


කොවිඩ් රෝගීන් ගමන් ගත් බස් රථ හයක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාව දැනුවත් කළේය.

ඒ අනුව

ND 4790 – කොළඹ – මැදගම බස් රථය

ND 2350 – මාකුඹුර – ගාල්ල බස් රථය

ND 0549 – කඩවත – අම්බලන්ගොඩ බස් රථය

ND 6503 – කොළඹ – යාපනය බස් රථය

ND 9887 – ඇල්පිටිය – කොළඹ බස් රථය

NF 7515 – ගාල්ල – කඩවත බස් රථය

යන බස් රථ තුළ කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බවද අමාත්‍යවරයා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එසේම වායුසමනය කරන බස්රථ සඳහා මගීන්ගේ උණ පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් යොදා ගෙන බස් රථයට මගීන් නැගීමට පෙර  ඔවුන්ගෙ උණ පරීක්ෂා කරන ලෙසත් ප්‍රශ්ණයක් ඇතිනම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් ඔහු පැවැසීය.

සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු නොකරන බස් රථ ඇත්නම් ඒ පිළිබඳව 1955 යන අංකය අමතා තොරතුරු ලබාදිය හැකි බවත් ඔහු පැවැසීය.

එසේ නිර්දේශ අනුව කටයුතු නොකරන බස් රථ පිළිබඳව නීතමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසීය.

Next Post

රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි - අද දිනට පමණක් දැනට රෝගීන් 73ක්

Sat Oct 17 , 2020
ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව යටතේ රටේ සෙසු ප‍්‍රදේශවලින් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.ඒ සඳහා මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය වූ බව යුතු බවද ඔහු […]