කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ 10/14 දින සවස 5.00 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් 43 දෙනෙකු වාර්තා වන අතර , ඒ අනුව මේ වනවිට මෙම කළාපය තුළින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සේවක සංඛ්‍යාව 110 ක් බව මෙම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .
මෙසේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ සේවිකාවන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් , පිරිමි සේවකයින් ඉරණවිල රෝහල වෙතත් පිටත් කර තිබේ .
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 113කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මින් 05ක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් හො ආශ්‍රිතයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.ඉතිරි ආසාදිතයන් 108 දෙනා ආශ්‍රිතයන් වෙයි. මේ අනුව එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1721ක් වාර්තා වී තිබේ.
පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක් බව සෞඛ්‍ය අංශ කියයි.
එම සංඛ්‍යාව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි හැකි උපරිම ධාරිතාවය බවද වෛද්‍යවරු සඳහන් කළහ.
වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඇතුළු සියළුම සෞඛ්‍ය සේවාවන් සිදුකරනු ලබන්නේ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල මගිනි.එසේ වුවද උපරිම ධාරිතාව තෙක් රෝගීන් පැමිණීම තුලින් එම සේවාවන් සැපයීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරු පවසති.
හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන බව හමුදාපතිවරයා සඳහන් කර සිටියි.ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියි.