මහරගම ජාතික අධ්‍යාපන ආයතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ පිඨාධිපති යෝගරාජන් කිරිබානන්දන් පැවසීය.
ඒ අනුව යුද හමුදාව මැදිහත් වී ඊට අවශ්‍ය පහසුකම් සපයමින් සිටින බවද පීඨාධිපතිවරයා වැඩිදුරටත් කීය.
මෙම ආයතනය තුළ හාරසිය දෙනකුට පමණ නිරෝධායන පහසුකම් සැපයීමට නියමිත අතර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කටයුතු හා විෂ බීජ හරන කටයුතු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකිරීමට නියමිතය .
මීට පෙර ගුරුවරුන් තුන්සිය දෙනකු පමණ මෙහි අධ්‍යාපනය හදාරමින් සිටි අතර ඔවුන් යුදහමුදා බස්රථවලින් ඉකුත් 10 රැගෙන ගිය බව ද පීඨාධිපතිවරයා පැවසීය .
ඒ අනුව ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙන බවද පැවසේ
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද (11) දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපන ලැබු ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 කට අද දින සිට නිවාඩු ලබා දි ඇත.
නිවාඩු ලබාදුන් එම විද්‍යා පිඨයේ සිසු සිසුවියන්ට ඔවුන් පදිංචි ආසන්නම නගර දක්වා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර, විද්‍යා පිඨයට ආසන්නයේ පදංචි එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් ගුරු සිසු සිසුවියන්ගේ දෙමවුපියන් විසින් පෞද්ගලික වාහන වලින් එම සිසු සිසුවියන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨයේ නිල නිවාසවල පදිංචි ආචාර්යවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයටද තාවකාලිකව විද්‍යා පිඨයෙන් ඉවත් වන ලෙස යුධ හමුදාව විසින් උපදෙස් ලබා දි ඇත.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුල 250 දෙනෙකුට පමණ නිරෝධායන සදහා පහසුකම් සලසා ඇති බවයි එම විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන යුධ හමුදා නිලධාරින් කියා සිටියේ.
අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා යුද හමුදාව සූදානම් කර ඇති බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව යුද හමුදාව මගින් 500 දෙනෙකු සඳහා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කර ඇත. එහි අධ්‍යාපනය ලැබූ දෙවන වසරේ සිසුන් 60කට වැඩි ප්‍රමාණයක් යුද හමුදා බස්රථ මඟින් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැරීමට කටයුතු කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිත ඇත.
ඉන්පසු අදාළ නිරෝධාන මධ්‍යස්ථානයේ පී.සී. ආර්. පරීක්ෂණ සහ විශබීජහරණ කටයුතු ඇතුළු සෞඛ්‍ය කටයුතු අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකෙරෙන බව එම කාර්යාලය පවසයි.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු අද හඳුනාගෙන තිබේ.
කර්මාන්තශාලා කාර්යමණ්ඩලයේ 39 දෙනකු සහ ආශ්‍රිතයින් 22 ක් ලෙස ඔ වුන් හඳුනාගෙන තිබේ.(පස්වරු 7.30)
මේ දක්වා වාර්තා වී තිබු මුළු අසාදිතයින් ගණන 1186 දෙනකි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 60ක් වාර්තා වී තිබේ. ඒ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් 48ක් හා ආශ්‍රිතයන් 12ක් ලෙසිනි.
මේ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන සංඛ්‍යාව 1307ක් දක්වා වර්ධනය වී තිබේ. (රාත්‍රී 9.30)