ඉතාලියේ ශ්‍රී ලාංකා තනාපති කාර්යාලය වසා දමයි – තානාපති කාර්යාල සාමාජිකයන් PCR පරික්ෂණයකට

ඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඉන් අනතුරුව තානාපති කාර්යාල සාමාජිකයන් PCR  පරික්ෂණයට ලක් කිරීමට ඉතාලි සෞඛ්‍ය බළධාරින් උපදෙස් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසයි.

මෙම ආසාධිත පුද්ගලයා ලාංකිකයෙකු බවත් එම පුද්ගලයා තානාපති කාර්යාලයෙන් ලියකිවිලි සම්බන්ධයෙන් කටයුතු කර ගැනීමට පමිණි අයෙකු බව තානාපති කාර්යාලය පැවැසීය.

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ඔක්තෝබර් 12 දා සිට 16 දා තෙක් එම කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවේ.

Next Post

ලංකාවම කතා කරපු බ්‍රැන්ඩික්ස් සේවිකාව

Sun Oct 11 , 2020
රට පුරා යළිදු වරක් කොරෝනා පැතිරෙන විට බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු කළේ එක් අයකුටය. ඇය මිනුවන්ගොඩ දෙවළපොළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ සුපර්වයිසර්වරියකි. සියල්ලෝම ඇගේ චරිත අපහාස කරමින් ඇයට ගල් ගැහුවේ ඇය බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මුල්ම රෝගියා ඇය බව කියමිනි. එහෙත් සෞඛ්‍ය අංශ කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ ඇයට පෙර ඇඟලුම් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News