හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
මෙවන් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ආසාදනය රෝගී පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.
එවන් තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වීමක් ඇතැයි නම් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
නමුත් මේ දක්වා එය සමාජගත වීමක් යැයි කීමට ප්‍රමාණවත් තරම් සාධක නැතැයි ද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයෙක් හා ආශ්‍රිතයන් 13ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා කැප කිරීම් කළ නිසා තමන්ව නිහඬ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
නැවත එම තනතුර බාර නොගන්නා බවත් තනතුරක් ඇතත් නැතත් තමනට ජනතාව රැක ගැනීම සඳහා කළ යුතු දෙයක් ඇත්නම් එය සිදු කරන බවද ඔහු පැවසීය.
මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇතැයිද ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ මොහොතේ කොරෝනා ආසාදිතයන් සිටින්නේ කොහිදැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එනිසා ජනතාව ප්‍රවේශම් නොවන්නේ නම් ඉදිරි කාලයේ දී ඉන්දියාව සේ ආසාදිතයන් දිනපතා වාර්තා දීමේ හැකියාවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.