මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස කොවිඩ් අසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 16ක් වාර්තා වී තිබේ.ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර කාර්ය මණ්ඩලයේ 02 ආශ්‍රිතයන් 11
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදයක් නිකුත් තරමින් සඳහන් කරයි.
දිනපතා දිව්‍ය පූජා, විවාහ පූජා, අවමංගල්‍ය මෙහෙයන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත 50 දෙනෙකුට සීමා කරන ලෙසට ද එම නිවේදනයේ සඳහන් වේ.
අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැම්ලස් ප්‍රනාන්දු පියතුමා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබිණි.
අගරගුරු පදවියේ සෙසු දිස්ත්‍රික්ක වන කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වලට අයත් කතෝලික දෙව්මැදුරුවල දිව්‍ය පූජා මෙහෙයන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නියමයන්ට එකඟව අත් සේදීම, මුඛ ආවරණ භාවිතය, මීටරයක දුරස්ථභාවය යන උපරිම ආරක්ෂික ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.
එසේම යළි දැනුම් දෙනතුරු අගරදගුරු පදවියේ සියලුම කතෝලික පාසල්, පෞද්ගලික පාසල්, දහම් පාසල් යළිත් දැනුම් දෙනතුරු නොපැවැත්විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.