නැවත දැනුම් දෙන තුරු දුම්රිය 15ක් අවලංගුයි – පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළම සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කෙරෙනු ඇත.

මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය හෙට (8) දිනයේ සිට දාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය ඔක්තෝබර් 08 සහ 09 යන එළඹෙන දින දෙක තුළ දී අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ ‘අපනයන ලේඛන’ සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක්, තරයේම කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගනු ඇත

පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය:

විදේශයන්හි සිදුවන මරණ: දුරකථන: +94 (011) 233 8836/ +94 (011) 233 5942

අපනයන ලේඛන සහතික කිරීම: දුරකථන: +94 (011) 2338812

Next Post

තත්වය හොද නෑ - 506ක් අතුරුදහන් - බොරු ලිපින දී සැගවිලා - රටම දැඩි අවදානමක

Thu Oct 8 , 2020
දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත. දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර […]

තවත් මෙවැනිම පුවත්..........