සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පළකර තිබිණි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 224ටම පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. මම බාප්පගේ දානේ ගෙදරට ගිහින් ආවේ. මම පරීක්ෂණයක් කරලා වාර්තාව එවන්නම්. අපි මිනිස්සු ගාවට යන්නේ. 224ටම පරික්ෂණයක් කරන්න”
පෞද්ගලික අංශයේ රෝහල් නිවසටම පැමිණි පි.සී.ආර්. පරීක්ෂණ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.