රෝගීන් වැඩිවෙයි – මරණයක් වාර්තා වේ – පැනගිය මාමා සොයාගනියි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දින මේ වන විට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1028 ක් ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන ඇත.

මෙම පුද්ගලයා රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේ රැදී සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය ඔහු හදුනාගෙන යළිත් රෝහලට ඇතුළත් කර තිබු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙලෙස යළිත් රෝහල් ගත කර ඇත්තේ පෑලියගොඩ නුවර පාරේ අංක 307 නිවසේ පදිංචි දොන් සරත් කුමාර (62) නැමැත්තා බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මොහු කොරෝනා ආසාදිතව රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (6) රාත්‍රියේ එම වාට්ටුවෙන් පලාගොස් ඇත.

පලාගිය මෙම පුද්ගලයාගේ ඡායාරූප සහිතව විස්තරයක් පොලිස් මුලස්ථානය මාධ්‍යවෙත නිකුත් කර තිබු අතර එය විද්යුත් හා මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රචාරය වීය.

මෙම සැකකරු රෝහලින් පැන ගොස් සැගව සිටියේ කුමන ප්‍රදේශයේ ද, මොහු ජනතාව අතර ගැවසුනේ ද යන්න හෙළි කර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මොහුට එරෙහිව නීරෝධායන නීති රේගුලාසි අනුව කටයුතු කරන බවත්, මෙම පුද්ගලයාට රැකවරණය හා ආරක්ෂාව සැපයු පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගම්පහ ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් අද(07) සවස දින 14 ක කාලයක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායන කටයුතු සදහා රැගෙන යමින් සිටියදි එම පිරිසෙන් එක් මවක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස බස් රථයේදිම මියගොස් ඇත්තේ ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි සිව්දරු මවක වන 68 වියැති ඒ.එම්. අරුණ කාන්ති යන අය බව පරික්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය පවසයි.

ඇයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ තබා තිබෙන බවට සදහන් වේ.

ගම්පහ, මිනුවන්ගොඩ, මහර ඇතුලු අවට ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ ඥාතීන් ඇතුලු සමිපතම ඇසුරු කරන්නන් 80 කට ආසන්න පිරිසක් හමුදා ආරක්ෂාව යටතේ 07 වෙනිදා සවස 04 ට පමණ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට බස් රථ දෙකකින් රැගෙන ආ බවද එහි ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේය.

සිද්ධිය පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත‍ බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සහ යුද හමුදාව මෙන්ම එහි වෛද්‍ය බලකාය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරති.

Next Post

නැවත දැනුම් දෙන තුරු දුම්රිය 15ක් අවලංගුයි - පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

Wed Oct 7 , 2020
කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළම සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කෙරෙනු ඇත. මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය හෙට (8) […]