මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 220 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) උදෑසන තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව, ඇගලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොරෝනා පොකුර 321 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබිණි.
මෙම සියලු දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇත.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ඊයේ දිනයේදී හා පෙරේරදා දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් කළ බවත් ඒ අනුව ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි තීරණ ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
හැඳුනුම්පත් එක් දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් 7,8 සහ 9 යන දිනයන් හි නොපැවැත්වෙන බව කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
හදිසි අවශ්‍යතාවන් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටුවා ඇති හැඳුනුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයකින් ඉටුකර ගන්නා ලෙස මහජනයා වෙත දන්වා සිටින බව ඒ මහතා කීය.
බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ හා ගාල්ල, මඩකලපුව, වවුනියාව හා කුරුණෑගල පළාත් කාර්යාලවල ඉහත දිනයන් හි සේවාවන් නොපැවැත්වේ.