කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.මේ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
එබැවින් මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහල යනවා.
මෙරටින් වාර්තාවන කෝවිඩ් – 19 ආසාදිතයින් ගණන 4118 දක්වා ඉහල ගොස් ඇත.මේ අතර පූර්ණ සුවය ලබා පිටව ගිය ආසාදිතයින් ගණන 3266 දක්වා ඉහල ගොස් ඇත
ඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි නාරාහේන්පිට කාර්යාලයට සහ වේරහැර කාර්යාලයට ඇතුළුවීමට අවසර නොදෙන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටියි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සදහා රාජකාරී වේලාවන් වන පෙ:ව 8.00 – ප:ව 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මඟින් අදාළ අංශ සම්බන්ධ කොට ගෙන කටයුතු සලසා ගන්නා මෙන් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.