Warning: sprintf(): Too few arguments in /home/ranilasa/webgossip24.com/wp-content/themes/default-mag/assets/libraries/breadcrumb-trail/inc/breadcrumbs.php on line 254

අද දින දැනට රෝගීන් 466ක් වාර්තා වේ – උත්සව සාද බෑ -ඒත් පාර්ලිමේන්තුව රැස්වෙයි

ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම කර්මාන්ත ශාලාවෙහි සේවිකාවන් හත් දෙනෙකු එම අවමංග්‍ය උත්සවයට සහභාගි වී ඇති අතර පෙරේදා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ඉන් පස් දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම මත ඔවුන් ප්‍රතිකාර පිණිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම තත්ත්වය මත 27 දින පැවති අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට තම නිවෙස්වලම ස්වයං නිරෝධානයට ලක් වන ලෙසට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ජනතාව දැනුවත් කිරීමට ඊයේ සවස පියවර ගනු ලැබූ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරසිටියේ අවමංගල්‍ය පැවති මැදවත්ත ප්‍රදේශයේ නිවස හා ඒ අවට නිවාස විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි ලාබාල තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) අද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

ඔහු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ අයෙකි.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

හොරණ කදන වත්ත ප්‍රදේශයේ අයෙකු කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇතැයි නාගොඩ රෝහල පවසයි

අද දින සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී මෙම රෝගියා හඳුනා ගෙන ඇතැයි නාගොඩ රෝහල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසී ය

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු වන මොහුගේ බිරිඳ හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මවුපියන් දරු දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිතයි

ප්‍රිය සම්භාෂණ ,සම්මන්ත්‍රණ ,දේශන ,ප්‍රදර්ශන ,සංගිත සංදර්ශන ,සැණකෙලි ,සැමරුම් උත්සව,පෙළපාලි ,පෙරහැර හා අත්‍යාවශ්‍ය නොවන රැස්විම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේන් වාර්තා වු කෝවිඩ් -19 අසාදිත රෝගින් හමුවිම නිසා එම තත්ත්වය පාලනය කිරිමට මෙම පියවර ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, පක්ෂ නායකයන් තීරණය කළේ හෙට (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමටයි.

කෙසේ නමුත් හෙට (07) සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.

ඒ අනුව හෙට (07) ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගනු ඇත.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව දන්වා සිටියි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සදහා රාජකාරී වේලාවන් වන පෙ:ව 8.00 – ප:ව 4.30 දක්වා පහත දුරකථන අංක මඟින් හෝ ඊ-මේල් මඟින් අදාළ අංශ සම්බන්ධ කොට ගෙන කටයුතු සලසා ගන්නා මෙන් මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.

Next Post

ආසාධිත රෝගීන් තවත් ඉහලට - මහජන සේවා හෙට සිට නවතින රජයේ කාර්යාල මෙන්න

Tue Oct 6 , 2020
කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.මේ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. එබැවින් මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහල යනවා. මෙරටින් වාර්තාවන […]