ආසාදිතයින් සීග්‍රයෙන් ඉහල නගී – සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු රැස් කරන්න මහජන සහය පතයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.‍ඇය මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබේ .

දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි

මැදගම බකින්ගහවෙල,පුබිබාර දේවාලගොඩ ප්‍රදේශයේ පදිංචි හතලිස් එක්හැවරදි මෙම කාන්තාව දිවුලපිටිය කොවිඩි 19 වැලදි තිබු කාන්තාව සේවය කළ ඇගලුමි කමිහලේ සේවය කර තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙි.

ඉකුත් 02 දා නිවාඩු ලබා මොණරාගල නගරයට පැමිණ ඇති මෙම කාන්තාව එදින උදෑසන 8.00 සිට 10.15 පමන තෙක් මොණරාගල කචිචිචෙිරිය හංදිය,ඉරිදා පොළ,බස් නැවතුමිපොළ හා රාජ්‍ය බැංකුවක ගැවසි ඇති බව මේ පිළිබඳව සිදුකල විමර්ශනයකදි අණාවරනය කරගෙන ඇත.

මෙම කාන්තාව උගුරේ අමාරැව, කැස්ස හා හිසරදය වැනි කොවිඩි 19 රෝග ලක්ෂණ මතුවිමෙන් පසු ප්‍රතිකාර ලබාගැනිමට මොණරාගල මහ රෝහලට ඇතුළත් වි තිබේ.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍රය කළ අය වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට තම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බව කී අධ්‍යක්‍ෂවරයා එවිට ඔවුන් විසින් අදාළ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට හෝ පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකළ යුතුද යන්න තීරණය කරනු ඇතැයි සඳහන් කළේය.

මීට පෙර විශාල කොවිඞ් පොකුරු වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සංවෘත පරිශ්‍රයන් වූ බැවින් ආසාදිතයින් සමාජගතවීම අවම වුවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන පිරිස තම නිවෙස්වලට මෙන්ම බාහිර සමාජය තුළට පැමිණ ඇති නිසා රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම රෝගීන් සියලු දෙනා බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිත එකම පොකුරක් ලෙස වාර්තා වන බැවින් වයිරසය සමාජගතවීමක් සිදුව නැතැයි කී විශේෂඥ වෛද්‍යවරයා වයිරසය සමාජ ගතවීමක් සිදුව ඇත්නම් තැන් තැන්වලින් රෝගීන් වාර්තා විය යුතු බව ද කීවේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (5) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ ප්‍රථමයෙන්ම වාර්තා වූ සේවිකාව සමීපව ඇසුරු කරන ලද අය බව පැවසේ.

මොවුහු නාරම්මල, ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියෝ වෙති.

මොවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මොවුන් දෙදෙනාට අමතරව මේවනවිට එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සමීපව ඇසුරු කරන ලද තවත් පුද්ගලයන් සිවු දෙනෙකු ද පීසීආර් පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ හා එහි සේවකයින් ඇසුරු කළ අය, දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස් වසම්වල ජීවත් වන අය නිවෙස්වලටම වී සිටීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Next Post

අද දිනට 101 දක්වා රෝගීන් ඉහලට - හැකි තරම් නිවාසවලම රැදී සිටින්න

Mon Oct 5 , 2020
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි. මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා වේ.‍ එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ […]

Breaking News