මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ P.C.R පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (05) උදෑසන ආරම්භ කර ඇත.
ඒ අනුව, කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය (05) තුළ සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත රත්නායක මහතා සඳහන් කරනවා.
මෙම කර්මාන්ත ශාලාවේ 1400කට අධික සේවකයින්ගේ පීසීආර් පරීක්ෂණ කරනු ලබනවා.
මෙහිදී නිවෙස්වලට ගොස් නිරෝධායනය වෙමින් සිටින අය මෙම ස්ථානයට ගෙනැවිත් කොටස් වශයෙන් P.C.R පරීක්ෂණ සිදුකරනු ලබනවා.
අනතුරුව ඔවුන්ව ආරක්ෂිතව නිවෙස් නිරෝධායනය සඳහා නිවසටම රැගෙන යාම සිදුකරනු ලැබීමට නියමිතයි.
කොවිඩ් වයිරසය ආසාදනය වූ සේවිකාව සමග සේවය කළ කාර්ය මණ්ඩලයේ දෙසිය හැත්තෑ දෙනකු මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කම්හලේදීම නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසින් ඊයේ (04 වැනිදා) රාත්‍රිය වන විට නිරෝධායනයට යොමු කර ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන 76ක් තුළ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා විදෙස් රටවලින් පැමිණි පිරිස් නිරෝධායනය වන නිසා කොවිඩ් මධ්‍යස්ථානයක් ආරම්භ කරන තුරු මෙම පියවර ගෙන ඇත. දැනට නිරෝධායන මධ්‍යස්ථානවල 7039ක් නිරෝධායනයට ලක් කර ඇත.