අද දිනට 101 දක්වා රෝගීන් ඉහලට – හැකි තරම් නිවාසවලම රැදී සිටින්න

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි.

මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා වේ.‍

එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිසගේ සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණවලදී ඇඟලුම් කම්හලේ අට දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. 

මෙම අට දෙනා හපුවලාන මරඳගහමුල, අලුත්පිල්ල වෑගොව්ව, දුනගහසෙවණ දූනගහ, මඩුල්තැන්න අපරගම, දෙල්වගුර, දොළගැට්ටපාර උඩුගම්පල සහ කපුවත්ත ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඇඟලුම් කම්හලේ කාන්තාවන් 18 දෙනෙකු ඊයේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු අතර එම පිරිසෙන් අට දෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.

මෙම අට දෙනා අද මෙයට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ  සහ  ඉරණවිල රෝහල් වෙත රැගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවේ මේවනවිට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් රජය විවිධ විධි විධාන ගනු ලැබූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතින ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇඳිරි නීතිය පනවනු ලැබූ බවට සහ ඇතැම් ආයතන වසා දමා ඇති බවට පළ වන ප්‍රචාරය ද අසත්‍ය බව එම නිවේදනයේ දැක්වේ.ඇතැම් පාර්ශ්වයන් විසින් මෙම අසත්‍ය පුවත් සමාජගත කරමින් සිටින  බවද රජය සඳහන් කරයි. 

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී, මේ අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කරන ලෙසත්, සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා රජයේ නිල නිවේදනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසත් රජය ජනතාවට දැනුම් දෙයි.

පසුගිය දින කිහිපය තුළ බ්‍රැන්ඩික්ස් (Brandix) සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස්වසන අපහසුතාවක් හෝ පූර්ණ රෝග ලක්ෂණයක් පවතී නම් ඔවුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර වහාම රෝහල්ගත වීම සිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

වත්මන් තත්ත්වයත් සමගින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සමාජයට පැමිණ හැකි තරම් නිවාසවලම රැ‍‍දෙන ලෙසත් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන අවස්ථා හැකි පමණින් සීමා කරන ලෙසද ඒ මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග කටයුතු නොපැවැත්වීමට මේ වන විටත් කිසිදු තීරණයක් නොමැති බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින දෙක තුළදී ඒ පිළිබඳව නිශ්චිතව ම දැනුම් දෙන බව ද පැවසීය.

මෙම තත්ත්වය තව දුරටත් සමාජගත වීම ජනතාවගේ සාමාන්‍ය හැසිරීම මත තීරණය වන බවත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව තම සහය නිරන්තරයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය.

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ නිවාඩු අවලංගු කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන හෙයිනි.

Next Post

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මහජන සේවා නවතයි -දැනට වාර්තා වූ රෝගීන් 321යි

Tue Oct 6 , 2020
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 220 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) උදෑසන තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව, ඇගලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොරෝනා පොකුර 321 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබිණි. […]

Breaking News