ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් රාජගිරිය සවරින් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ලබාගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙහි සුඛෝපභෝගී කාමර 60 ක් පමණ තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව විසින් මෙම ගොඩනැගිල්ල වසර දහයක කාලයක් කුලියට ලබාගෙන පසුගිය කාලයේ හෝටලයක්ද පවත්වාගෙන ගොස් ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස රැසක් අබලන්ව පැවැතීමත්, ඇතැම් නිවාස හිටපු මන්ත්‍රීවරුන් විසින් මෙතෙක් භාර නොදීමත් නිසා අලුතින් පත්ව සිටින මන්ත්‍රීවරුන් රැසකට කොළඹ නවාතැන් ගැනීම ගැටලුවක්ව පවතී.
මෙම මන්ත්‍රීවරුන්ගේ නවාතැන් ගැටලුව විසඳීම සඳහා මෙසේ රාජගිරිය සවරින් ගොඩනැගිල්ල ලබාගැනීමේ සූදානමක් ඇතැයිද ඒ පිළිබඳ මෙම සතිය තුළ මහ බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීම බොහෝවිට සිදුවනු ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.
මාදිවෙල නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම පිළිබඳවද මෙම සතියේ තීරණයක් ගනු ඇතැයිද හෙතෙම කීවේය.