කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
එම දැරිය 16 හැවිරිදි වියේ පසුවන්නීය.මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යැවීමට කටයුතු කරන බව ද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන සිය ස්වාමි පුරුෂයා, දරුවන් සිව්දෙනා සහ පියා යන පිරිස අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පි සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණි.
කිසිදු රාජ්‍ය ආයතනයක හෙට ( 05) මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.
මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (5) දිනයේ අරලියගහ මන්දිරයේ පැවැත්විමට තිබු 2020 ලෝක ජනාවාස සැමරුම් උත්සවය මේ වන විට පවතින සෞඛ්‍ය තත්ත්වය මත නතර කිරිමට තිරණය කර තිබේ.
ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයේදි නිවාසලාභින් සඳහා ඔප්පු ලබාදිම ,ඉදිකිරිම් ශිල්පින් සඳහා වෘත්තිය හැදුනුම්පත් ලබා දිම සහ ලෝක ජනාවාස දිනයට සමගාමිව පැවැත්වු ළමා චිත්‍ර සහ අත්කම් තරඟයේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ලබාදිම ඉදිරි කාලයේදි කටයුතු කරන බව දැනුම් දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහලෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදු කරගන්නැයි වැඩබලන සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහතින් දැක්වෙයි