දරුවන් 18 ක් මෙලොවට බිහිකළ නාරම්මල අම්මාගේ මිහිරි මතකයෙන් බිඳක්

ඔක්තෝබර් 01 ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි. ජාත්‍යන්තර ළමා දිනය යෙදී ඇත්තේද එදිනටයි. වැඩිහිටියන්සහ පොඩිහිටියන් එකම දිනකදී සැමරැණු ඔක්තෝබර් 01 දින සෙෳඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් පැවැත්වූ ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරැම් උළෙලට සමගාමීව වැඩිම දරැවන් සිටින මවුවරැන්ට උපහාර පිදීම යටතේ ශ්‍රී ලංකාවේ වැඩිම දරැවන් ප්‍රමාණයක් දැයට දායාද කළ වීර මාතාව ලෙස ඇගයීමට පාත්‍ර වූයේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩී.එම්. මැණික්හාමි මාතාවයි.

සෙෳඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ සුරතින් මෙසේ ඇගයීම් ලබාගත් ඩී.එම්. මැණික්හාමි මාතාව නාරම්මල, මීවැව දහනැකගම පදිංචි තැනැත්තියකි. ඒ මහත්මිය මෙසේ ඇගයීමට පාත්‍ර වූ ඉකුත් ඔක්තෝබර් 01 දින සවස් භාගයේ ‘මව්බිම’ට මේ අපූරැ අම්මාගේ කතාව ලියන්නට අප මීවැව දහනැකගමට යන විට තමන් ලැබූ ඇගයීමේ සතුටද සමඟ ඇය නිවෙසට පැමිණියා පමණි. මැණික්හාමි මාතාවට පිරිමි දරැවන් 07කි.

ගැහැනු දරැවන් 11කි. එවිට ඇයට දරැවන් 18කි. ඉන් පිරිමි දරැවන් 02ක් සහ එක් ගැහැනු දරැවකු මිය ගොසිනි. මෙම මාතාවගේ ආදරණීය සැමියා ඩබ්ලිව්.ඒ. පුංචිබණ්ඩා මහතා මේ වෙද්දී මියගොසිනි. ඔහු මිය ගියේ 1992දීය. සැමියා මියගොස් වසර 28කි. මේ දෙමහල්ලන්ගේ දරැවෝ 15 දෙනෙක් ජීවතුන් අතර සිටිති. වැඩිමහලු දරැවා ධීර ගුණරත්න වීරසිංහ 68 වැනි වියේ පසුවෙයි. පවුලේ බඩපිස්සා ඩබ්.ඒ. සුසන්ත වීරසිංහය. ඔහු 45 හැවිරිදිය. වැඩිමහලු දරැවා සහ බාල දරැවා ඉපදුණු වයස් පරතරය වසර 23කි. මෙම වසර 23 තුළ මේ ආදරණීය මාතාව මෙම දරැවන් දෙදෙනා හැර තවත් දරැවන් 16දෙනකු මෙලොවට බිහිකර ඇත.

ඒ අනුව ධීර ගුණරත්න වීරසිංහ, ඥානවතී වීරසිංහ, ලීලාවතී වීරසිංහ, චන්ද්‍රාවතී වීරසිංහ, සුමනාවතී වීරසිංහ, ආරියවතී වීරසිංහ, ඉන්ද්‍රාවතී වීරසිංහ, යසවතී වීරසිංහ, ආනන්ද වීරසිංහ, කරැණාවතී වීරසිංහ, නන්දාවතී වීරසිංහ, ජයන්තා වීරසිංහ, බන්දුල වීරසිංහ, විජිත වීරසිංහ සහ සුසන්ත වීරසිංහ යන අය දැනට ජීවත්ව සිටින මැණික්හාමි දූ පුතුන්ගේ දූපුතුන්ය. 1932 මැයි මස 10 දින උපන් මැණික්හාමි මාතාව දැන් 88 වැනි වියේ පසුවෙයි. ඇයට දරැවන් 18කි. එම දරැවන්ට දරැවන් 37කි. (මුනුපුරැ මිනිපිරියන්), එම දරැවන්ගේ දරැවන් (දෙමුනුපුරන්) 22කි. එම 22 දෙනා අතරින් එක් දියණියක දුවක් බිහිකිරීමත් සමඟ තුන්වැනි පරපුරේ මිනිපිරියත් (තුන් මුනුපුරැ) දකින්නට තරම් වාසනාවන්තවී ඇත.

මේ දරැ කැලත සමඟ ගෙවූ දිවියේ මිහිරි වේදනා මැණික්හාමි මාතාව අප හමුවේ තැබුවේ මෙසේය. “මගේ සැමියා කළේ ගල් කඩන රස්සාව. එයා කළුගල් එක්ක ඔට්ටු වෙලා හොයන හැම රැපියලක්ම මේ දරැවො ටික ලොකු මහත් කරන්න තමයි වියදම් කළේ. මමත් මේ දරැවන්ගේ කටයුතු කරන ගමන් වට්ටි, පැදුරැ, මාගල් වියලා කීයක් හරි හොයාගත්තා. මේ දරැ පැටවු ටික බිම මාගල් එළලා එක පෙළට නිදි කරවන්නේ. දඟ වැඩත් කරනවනෙ මේ අය. උදේ ඉඳලා රෑ වෙනකන් දුවලා පැනලා සෙල්ලම් කරලා රෑ නිදාගන්න ගියාමත් සෙල්ලම. පොඩි පොඩි රණ්ඩු. එක්කෙනෙක් තව කෙනකුගෙ කොට්ටෙ උදුරා ගන්නවා. තව කෙනෙක් පොරොවගෙන ඉන්න රෙද්ද උදුර ගන්නවා. ඉතින් රණ්ඩු. ඕවා බේරලා යන්තම් කට්ටිය නිදි කරවා ගත්තම මං රෑ දෙගොඩහරි වෙනකන් වට්ටි, පෙට්ටි, පැදුරැ, මාගල් වියනවා.

එක වේලකට හාල් සේරැ දෙක තුනක් ළිපේ තියන්න ඕනෑ. ඒක මදි. ඒ මදිපාඩුවට කොස්ගෙඩි දෙකක් විතර කපලා තම්බනවා. කන්න දුන්නෙ පිඟන්වල නෙමේ කොළපත්වල. කොළපත් කපලා වංගෙඩියෙ දාලා ගත්තම පිඟානක් වාගෙ හැදෙනවා. හැබැයි අපි දෙන්නා දුක් මහන්සිවෙලා හරි හම්බ කරන එකෙන් මේ දරැ කැලතට බඩ පිරෙන්න මොනව හරි කන්න දුන්නා. පුළුවන් හැටියට ඉස්කෝලෙ යැව්වා. කෙනකුගෙන් වචනයක් අහන්න බැරි හැටියට දරැවො ටික ගුණ යහපත් දරැවන් හැටියට හැදුවා.

මගෙ දරැවො අතර හොරැ, මංකොල්ලකාරයො, බේබද්දෝ නැහැ. දුවලා දහ දෙනාම (ඉතා අඩුවයසින් මියගිය දියණිය හැර) පෝරැවෙ නග්ගලා මඟුල් කාලා දීග දුන්නෙ. හැමදාම හත්අට දෙනෙක් ඉස්කෝලෙ යනකොට තව හත්අටදෙනෙක් ගෙදර. තුන්වේල උයන්න ගියාම දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. උයලා සේරටම කොළපත්වලට බත් බෙදනකොට අපේ එක්කෙනා (සැමියා) කියනවා “ඔයාම ඔහොම බෙදනවා මිස මට නම් ඕක කරන්න බෑ” කියලා.

” දස එකඩ මස සරි උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරි තෙමන්නට ඇත දුවට දුන් කිරි අනෙක දුක් වින්දා පුතණුවනි දුව සන්දා දෙතන කිරි කන්දා මගේ කොපමණ බොන්ට ඇද්දා (කිරිකඩ රෙද්දේ කවි) මවක විසින් දරැවකුට දෙන කිරි ප්‍රමාණය රෙදි කච්චියක් (රෙදි යාර 80) තෙමන්නට තරම් ප්‍රමාණවත් බව කිරිකඩ රෙද්දේ කවිවලින් කියැවේ. මැණික්හාමි මාතාව දුන් කිරි රෙදි කච්චි 18ක් (රෙදි යාර 1440ක්) තෙමෙන්නට තරම් විය.

“හැමදාම හතරපස් දෙනකු මගේ තන් දෙකේ එල්ලිලා කිරි බොනවා. ඒකටත් රණ්ඩු. ඒත් ඒ ‘හුරතල්’ රණ්ඩු දකින කොට මේ දරැ පැටවු ගැන මහා ආදරයක් ඇති වෙනවා. එතකොට මට දැනෙනවා මට කිරි එරෙන හැටි.’ ස්වාභාවිකව දරැවකු මෙලොවට බිහි කරන්නට මවක් විදින වේදනාව “විලිරැදාව“ නමින් හැදින්වේ. එය දෙවැනි වන්නේ මරණ වේදනාවට පමණක් බව කියැවේ. එවන් වේදනාවක් විදිමින් මෙලොවට දරැවකු ප්‍රසූත කර එම දරැවාගේ මුහුණ දකින විට එම මහා වේදනාව නැති වී යන බවද කියැවේ. සීසර් සැත්කම්වලින් නොව ස්වාභාවිකව දරැවන් 18 දෙනකු ප්‍රසූත කළ මැණික්හාමි මාතාව මේ මරණීය වේදනාව 18 වරක් විඳ ඇතුවා මෙන්ම එම වේදනාව ¿ෂණයෙන් ඉවත් වන මහා දරැ සෙනෙහසද 18 වතාවක් විඳ ඇති අපූරැ අම්මා කෙනෙකි.

මේ දරැ කැල එක්ක ගෙවන ජීවිතේ දැකපු කුමාරගුරැ ඉස්කෝලෙ මහත්තයා තමයි මීට අවුරැදු 18කට විතර ඉස්සර මං ගැන රටට කියන්න පටන් ගත්තෙ. මමයි මගෙ ස්වාමිපුරැෂයයි මේ දරැ කැල හදලා වඩලා ලොකු මහත් කරන්න ගත්ත වෙහෙස මහන්සිය මේ වැඩිහිටි දිනේදී අගය කරනවා කියලා දැනගත්තම මට මතක් වුණේ අපේ කුමාරගුරැ ඉස්කෝලෙ මහත්තයා. එතුමා හින්දා තමයි මේ ඇගයීමට මඟ පෑදුණේ. මේ කැපවීම අගය කරපු එතුමාටයි. ඒ ඇගයීම කරපු පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිතුමියටයි, අපේ ප්‍රාදේශීය ලේකම්තුමා, සමාජ සේවා නිලධාරි මහත්තයා ඇතුළු නෝනා මහත්තුරැන්ටයි බොහොම පින්. දරැවො ටික හොඳ දරැවො හැටියට හැදුවා.

වැඩුවා. පුළුවන් හැටියට ඉස්කෝලෙ යැව්වා. ඒත් මහ ලොකුවට උගන්නගන්න අපි දෙන්නට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ හින්දා එක දරැවෙක්වත් ආණ්ඩුවෙ රස්සාවක් කරන්නෙ නෑ. දෑතේ වීරියෙන් අනුන්ට අත නොපා කරදරයක් නොවී ජීවත් වෙනවා. අපට හරියට ගෙයක් දොරක් හදාගන්නවත් බැරිවුණා. දැන් මේ ඉන්නේ මගේ 13 වැනි පුතාගෙ ගෙදර. බන්දුල පුතා. බන්දුල පුතාගෙත් ඇස් පේන් නැතිව ගියා. එයා කරන්නෙ පොල් ලී පළන රස්සාව. දැන් එයාගෙ එක ඇහැක් පේන්නෙම නෑ. අනිත් ඇහැට කාචයක් දාලා. දැන් ඉන්න ගේ පැල බිත්ති පුපුරලා. මම මැරැණුදාක මිනිය තියාගන්නවත් තැනක් නෑ.

බන්දුල පුතා එක ඇහෙන් බලලා තාමත් පොල් ලී පළන්නෙ ගේ පැළක් අටවා ගන්න. ඉස්සරහින් ගෙයක් හදන්න බිත්ති ටික නග්ගලා තියෙන්නේ. කවුරැ හරි ඒ දරැවට ඒ ගෙයි වැඩ ටික අහවරක් කරගන්න උදවු කරනවා නම් ලොකු පිනක්. මගෙ ජීවත්ව ඉන්න දරැවො 15 දෙනාම හරිම එකමුතුයි. සිංහල අවුරැද්දට මේ සේරම බන්දුල පුතාලගෙ ගෙදරට එකතු වෙනවා. ඒක මට ලොකු සතුටක්. ඒ අයගෙන් දෙතුන් දෙනෙක්වත් මාසෙකට හමාරකට සැරයක් ඇවිත් මට කීය කීය හරි දීලා යනවා.ජීවිතේ ගෙවිච්ච කාලෙ ගැන සිහි කරනකොට හරි සතුටක් දැනෙන්නේ. විඳපු හැම දුකක්ම මිහිරියි.” ඒ මැණික්හාමි මාතාවගේ මිහිරි වේදනාවේ දෝංකාරයයි.

මේ මැණික්හාමි මාතාව රටට හදුන්වා දෙන්නට පුරෝගාමී වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය බී.එම්.ඒ. කුමාරගුරැ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්ය. “මම 2002/2003 වසරවල නාරම්මල, මීවැව වැඩිහිටි සංවිධානයේ කටයුතු කරන කාලයෙ තමයි මැණික්හාමි නැන්දා ගැන නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නේ. මැණික්හාමි නැන්දා බොහොම ගුණ යහපත් කාන්තාවක්. පුංචි බණ්ඩා මාමත් එහෙමයි. මේ දරැවො ටිකත් පංච දුශ්චරිතයෙන්ම තොර බොහොම ආදර්ශවත් දරැවන්. ඔවුන් ගමට, රටට වැඩ ඇති තමන්ගේ වෙර වීරියෙන් නැඟිටින්න උත්සාහ කරන හොඳ අය. මැණික්හාමි නැන්දා මේ ලැබූ ඇගයීම අපේ ගමට ලොකු ආඩම්බරයක්, ගෙෳරවයක්.

ගමට, ගමේ පන්සලට බොහොම ළැදිව කටයුතු කරපු පවුලක් මේ පවුල. මැණික්හාමි නැන්දා මෙහෙම ඇගයීමට ලක්කරන්න කටයුතු කරපු පවිත්‍රාදේවි වන්නිආරච්චි අපේ සෙෳඛ්‍ය ඇමැතිතුමියට, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයට වාගේම නාරම්මල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි.” ‘දුවට දුන් කිරි නම් මැනලත් නැතේ මම නම් පුතණුවනි එබැවින් ගණන කෙලෙසක පවසම්ද දැන් (කිරිකඩ රෙද්දේ කවි) ‘මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට’ මේ කවි පදය සිහිපත් කරවන මැණික්හාමි අම්මාගේ මේ අපූරැ කතාව, අපට, අපේ රටට, රටේ හෙටට මහා පූර්වාදර්ශයකි.

දරැ 18, දෙනකුට කිරා නොමැන කිරි දුන් මේ ආදරණීය අම්මා 88 හැවිරිදි වියේ පසු වුවද තවමත් නිරෝගීය. ඇයට හොදින් ඇස් පෙනේ. කන් ඇසේ. එකම දතක්වත් සෙලවී නැත. මේ නිදුක් නිරෝගී බව ඇයට ලැබුණේ ගමේ සුවඳ විදිමින් කොස්, පොළොස්, අල, බතල, තල, කුරහන් කමින් තමන්මෙන්ම දරැවන්ද පෝෂණය කළ නිසා බව ඇය පවසන්නේ ආඩම්බරයෙනි. ‘මගේ මිනිය තියා ගන්නවත් හරියට ගෙයක් දොරක් නෑ’ ඇය මා සමඟ පැවැසූ සංවේදී කතාව මසිතේ තවමත් දෝංකාර දෙයි. එක ඇසකින් බලමින් පොල් ලී පළා තම මවගේ නිවාස සිහිනය සැබෑ කරගන්නට වෙහෙසෙන මේ අම්මාගේ 13 වැනි පුතාට ඒ සඳහා දිරි දුන් කිසිදු නිවාස වැඩසටහනක් මෙතෙක් හමු වී නැත. ඒ බව මෙහි සඳහන් කරමින් සම්මා සම්බුදු අම්මාවරැන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන සත් පුරැෂ මිනිසුන්ගේ අවධානය ඒ කෙරේ යොමු කරමින් මේ ආදරණීය අම්මාගේ කතාව නිමා කරමි.

Next Post

එදා බස් එක ඩිපෝ එකට දාද්දී ඇස් දෙකට කදුළු ආවා - මට මගේ බස් එක මාලිගාවෙ ඇතා වගෙයි

Sat Oct 3 , 2020
ජීවත් වන්නට මිනිසා බොහෝ දෑ කරයි. සමාජයේ ජීවත් වන බොහෝදෙනකු ජීවිකාව ගෙවා දමන්නේ තම තමන් කරන්නා වූ රැකියාවෙනි. ඇතැමුන් අයහපතින්තම ජීවිතය සුරක්ෂිත කර ගන්නට වෑයම් කරද්දී තවත් මිනිසුන් කොටසක් තම රැකියාව රැකගනිමින් ජීවත් වන්නේ ඒ රැකියාවට බොහෝ ඇලුම් පාමිනි. සොරකම්, මැරකම්, ජඩකම් මෙන්ම මංකොල්ලකෑම් වැනි රැකියාවලින් තම ජීවිකාව ගෙවා දමන […]

Breaking News