ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හා බිරිඳ කොරෝනා ආසාදනයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.

සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නව කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂාවන්ට ලක්වුවා.

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීප සහායිකාවක වන හෝප් හික්ස් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරයි.

හික්ස් මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා ක්ලීව්ලන්ඩ් හි පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයට ගොඩවන ආකාරයද දැකගත හැකිවී තිබුණි.

31 හැවිරිදි වියේ පසුවන හික්ස් වෘත්තියෙන් නිරූපිකාවක වූ අතර, ඇය කාලයක් පුරා ජනාධිපතිවරයාගේ අතිශය සමූප සේවිකාවක ලෙස කටයුතු කරයි.

ඒ අනුව ඔවුන්ගේ සබඳතා මට්ටම මාධ්‍ය විසින් ප්‍රශ්න කරන විට ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, “තමන් සහ ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සහයෝගය දක්වන සෑම කෙනෙකුගේම සෞඛ්‍යය හා ආරක්ෂාව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස සලකනවා” යනුවෙනි. “මේ අවස්ථාවේදී ධවල මන්දිර මෙහෙයුම් වෛද්‍යවරයා සහ ධවල මන්දිර හමුදා කාර්යාලය සහයෝගයෙන් කටයුතු කරන අතර, සියලු සැලසුම් හා ක්‍රියා පටිපාටි වර්තමාන සීඩීසී මග පෙන්වීම සහ කොවිඩ්-19 නිරාවරණය සීමා කිරීම සඳහා වූ හොඳම භාවිතයන් ඇතුළත් කරමින් සිදුකරනවා” යැයි එහි වැඩිදුරටත් දැක්වුණි.

Next Post

20 සම්මත කරන්න 2/3ට කට්ටිය නෑ - විදුරත් නෑ - සිරිසේනලත් ශුවර් නෑ - පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක්

Fri Oct 2 , 2020
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ දී යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ. […]

Breaking News