අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ කුලිය හාරලක්ෂය ඉක්මවයි – අයියෝ රටේ දුක් විදින කම්කරුවන්ගේ සල්ලි ?

අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර ඇතැයි පැවැසේ.

සැප්තැම්බර් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ කාලය තුළ එකී වාහනය භාවිතා කිරීම වෙනුවෙන් වූ කුලී මුදල ලෙස අමාත්‍යංශය වෙත එවනු ලැබූ ඉන්වොයිසිය මේ වනවිට අමාත්‍යංශ්‍ය වෙත ලැබී ඇති අතර ඒ සඳහා ගෙවීම් මේ වනවිට සිදුකර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඇමතිවරුන්ට උපදෙස් දුන්නේ අමාත්‍යංශවලට කුලී පදනමින් වාහන ලබාගැනීම වෙනුවට රජයේ වාහන භාවිත කරන ලෙසය. (උපුටාගැනීම – ලංකාදීප)

Next Post

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හා බිරිඳ කොරෝනා ආසාදනයට

Fri Oct 2 , 2020
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා. සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති […]

Breaking News