අක්කේ…. මට අමාරුයි – හුස්ම හිරකරනවා – මාසෙකට කලින් බල්ලෙක් සපා කෑ ගවේශ් ගේ සංවේදි කතාව අක්කා කියයි

මල්ලි කරාපිටිය රෝහලට මාරු කිරීමෙන් පසු මම මල්ලීගේ දත් මදින්න ගියා. ඔහුට වතුර දුන් විට හුස්ම ගැනීමට අපහසු වී වෙව්ලන්න පටන් ගත්තා. වතුර බොන්න බැරිව ගියා. මම ඒ බව වෛද්‍යවරුන්ට පැවැසූවිට විස්තර අසා මල්ලී වෙනම ස්ථානයකට දමා ‍ෙදාර වැසුවා. පසුව මල්ලීට අමාරුවී මියගියා” යැයි බල්ලකු සපා කෑම නිසා අසනිප වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළ පසු මරුමුවටපත් පාසල් සිසුවාගේ මරණ පරික්ෂණයේදී සාක්කි දුන් මියගිය ළමයාගේ අක්කා වන කහවෙගුරුගේ වරුණි නිසංසලා කීවාය.

මෙසේ මියගොස් ඇත්තේ මාපලගම ගොරකගස්දුව පදිංචිව සිටි මාපලගම සිරි සුනන්ද විදුහලේ කහවෙගුරුගේ ගවේෂ් නෙත්සර නමැති 12 හැවිරිදි සිසුවෙකි.

මේ පිළිබඳ මරණ පරික්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්. නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේ පවත්වන ලදී. නාගොඩ පොලිසියේ සැරයන් එන්.ටී. පියතිලක (58871) මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්කිකාරිය මෙසේද කීවාය. 

“මියගොස් සිටින්නේ මල්ලී. මාස එකහමාරකට පමණ පෙර මල්ලී ටියුෂන් පන්තියට යන විට බල්ලෙක් ගෑනු ළමයකුගේ ඇඟට පැනලා තිබෙනවා. ඒ ළමයා මල්ලීගේ බයිසිකලය උඩට වැටෙනවාත් සමඟ බල්ලා මල්ලීගේ කකුල යාන්තමට හූරා තිබෙනවා. දින දෙකකට පසු මල්ලී මට ඒ බව කිව්වා. නමුත් මම ඒ තරම් හිතුවේ නැහැ.

මේ අතර පසුගිය විසිහය වැනි දින කකුල සහ තුනටිය රිදෙනවා කියල මල්ලී කිව්වා. එවිට උඩුගම රෝහලට ඇතුළත් කළා. පසුදින කරාපිටිය රෝහලට මාරු කළා. ඊයේ මම මල්ලී ළඟ හිටියා. උදේ දත් මදින්න ගිහින් වතුර ගන්න විට හුස්ම ගැනීමට අපහසු වී වෙව්ලන්න පටන් ගත්තා. වතුර බොන්න බැරිව ගියා. ඒ බව මම වෛද්‍යවරුන්ට කිව්වා.

ඉන්පසු මැඩම් කෙනෙක් විස්තර ඇසුවා. බල්ලෙක්, පූසෙක් හීරුවද කියල ඇසුවා. පසුව මම විස්තර සියල්ල කිව්වා. පසුව මල්ලී වෙනම ස්ථානයකට දාලා ‍ෙදාර වැහුවා. මල්ලීට අමාරු වුණා. බෙහෙත් දුන්නා. එවිට කතා කළා. මැරිල ඉපදුණා කියල කිව්වා. මම මැරෙනවා අඬන්න එපා කියලත් කිව්වා. මල්ලීට නැවත අමාරු වුණා. පසුව මියගියා.”

මියගිය සිසුවාගේ මව වන චිත්‍රා නන්දනී (48) යන අය සාක්ෂි දෙමින් මියගොස් සිටින්නේ එකම පුතා බවත් මාස එකහමාරකට පෙර බල්ලෙක් කකුල හීරුවා කියල අක්කට කියල තිබුණත් බෙහෙත් ගැනීමට නොගිය බවත් කකුල සහ තුනටියේ දකුණු පැත්තේ වේදනාවක් නිසා පළමුව උඩුගම රෝහලට ඇතුළත් කර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවත් එහිදී අමාරු වී මියගිය බවත් කියා සිටියාය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරයට යවා වැඩිදුර පරීක්ෂණ පවත්වා වාර්තාව ලැබුණ පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පැවැසූ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තබා සිරුර මුද්‍රාතබා ඥාතින්ට භාරදීමට මරණ පරීක්ෂක වරයා නියම කළේය.  

Next Post

වාරයේ රේගු නිලධාරීන්ට කට උත්තර නෑ

Thu Oct 1 , 2020
රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙනීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මැත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ […]

Breaking News