වාරයේ රේගු නිලධාරීන්ට කට උත්තර නෑ

රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙනීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මැත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ හේතුව රේගුවට රුපියල් කෝටි 4 ක බදු ආදායමක් අහිමි වී ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසයි.

අඩි 40 මෙම කන්ටේනරට ඉකුත් 2018 වසරේ මෙටට ආසනය කර ඇති අතර 2019 වසරේ එය ප්‍රති අපනයන සදහා අපනයන ක්‍රියා වලිය අවසන් වනතෙක් සීදුව ප්‍රදේශයේ ගුදමක රැඳවාගෙන සිටි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

රේගු බාරයට ගෙන තිබු මෙම කන්ටේනරය පරික්ෂා කිරීම සදහා පැමිණෙන ලෙසට එය ගෙන් වු පාර්ශවයන්ට රේගුව අවස්ථා කිහිපයක දීම දැනුම් දී තිබුණ ද ඔවුන් රේගුව මගහරිමින් ඔවුන් ඒ සදහා ඉදිරිපත් නොවු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව අද (1) දින රේගුව හමුවවට කැඳවු බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය. ඊයේ සීදුව ගුදමේ දී මෙම බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි විදෙස් මත්පැන් බෝතල් තිබී නොමැති අතර ඒ වෙනුවට ලීටර් 1 පානීය ජලබෝතල් 15 ක් අඩංගු පෙට්ටි 1179 ක් තිබු බවද සුනිල් ජයරත්න මහතා කියා සිටියේය.

අපනයනය කර තීරුබදු ගෙවීමේ පදනම මත ගෙන්වා තිබු මෙම කන්ටේනරයේ තිබී සියලු විදේශ මත්පැන් සැකකරුවන් විසින් දේශීය වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට සැකකරන බවද සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Next Post

අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ කුලිය හාරලක්ෂය ඉක්මවයි - අයියෝ රටේ දුක් විදින කම්කරුවන්ගේ සල්ලි ?

Thu Oct 1 , 2020
අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. පෞද්ගලික සමාගමක් විසින් සපයා ඇති සුඛෝපභෝගී වාහනයක් සඳහා මෙම මුදල මාසිකව කුලිය ලෙස ගෙවනු ලබන අතර එසේ ගෙවීම සඳහා අදාල සමාගම හා කම්කරු අමාත්‍යංශය අතර ගිවිසුමක් අත්සන් කර […]