දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී බස් රථයක් ධාවනය කරවූ රියදුරකු හා කොස්දොස්තර අද (30) අත්අඩoගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩoගුවට ගෙන ඇත්තේ අලුත්ගම කොළඹ බස් රථයක සේවය කරන දෙදෙනකි.ඉකුත් (28) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර එය සාමාජ මාධ්‍ය ජාලාවල සහ රූපවාහිණී නාලිකාවල ප්‍රචාරය වී තිබු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂක ආරම්භ කර සැකකරුවන් දෙදෙනා පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන අත්අඩoගුවට ගත් බව පොලිසිය පවසයි.සැකකරුවන් හෙට (1) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.