අභාවප්රාප්ත ජනප්රිය ප්රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය අද(29) උදෑසන මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන එනු ලැබුවා.කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ දහවල් අභාවප්රාප්ත වුණා.
ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.අසනීපවී සිටීම හේතුවෙන් මීට දින දෙකකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා එහි ප්රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.
මොරටුව, විල්ලෝරා වත්ත, අංක 79/1 දරන ඒ මහතාගේ නිවසේ, දේහය තැන්පත් කර ඇත.මේ වන විට ඒ මහතාට ආදරය කරන රසික රසිකාවියන් ඇතුලු විශාල පිරිසක් ඒ මහතාගේ නිවසට පැමිනිමින් සිටියි.ජායාරූප පහතින් නරඹන්න