ගව ගැටලුවට කැබිනට් අනුමැතිය

ගව ගාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. 

ගව ගාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මහත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ ගැනීමට ආණ්ඩුව මාසයක පමණ කාලයකින් කල් දැමීය. 

මේ අතර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක් ලෙස එකම මතයක සිටින බවත් ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අද (29දා) පෙරවරුවේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙක් දෙකක බලයක් ඇති බවත් විසිවැනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබෙන බවට සැකයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. 

පුද්ගලයන්ට පක්ෂවලට වෙනම මත තිබෙනවා.  නමුත් පාර්ලිමේන්තුවට ආවම එකම මතයක් තිබෙන්නේ. සමහරු කථා කරනවා. සමහරු කථා කරන්නේ නෑ. ඒත් ඡන්දය ලැබෙන බව දන්නවා. සැකයක් නෑ. යැයි ඔහු පැවැසීය.

Next Post

මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුට වැඩ වරදියි

Tue Sep 29 , 2020
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය. පසුගිය 20 වනදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා […]

Breaking News