මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුට වැඩ වරදියි

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේය.

පසුගිය 20 වනදා අලුයම මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය.

විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අද (29) උදෑසන අත්අඩංගුව ගෙන ඇති අතර අද පස්වරුවේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Next Post

ඔහුට ආදරය කල රසිකයින් වැල නොකැඩී පැමිණෙයි - රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවසට - ජායාරූප

Tue Sep 29 , 2020
අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය අද(29) උදෑසන මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත ගෙන එනු ලැබුවා.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ දහවල් අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. මිය යන විට ඒ මහතා 68 […]

Breaking News