විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් ලෙස ඡන්දය භාවිතා කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් සාක්ච්ඡා කර නොමැති බවත් ඡන්දයට වඩා වැදගත් වන්නේ මෙම සංශෝධනයෙන් රටට ප්‍රයෝජනයක් ලැබේදැයි සිතීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පැවසීය.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා සහ අඩුපාඩු ඉවත් කර එහි සාධනීය යමක් ඇත්නම් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එක් කිරීමට රජය කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් පක්ෂයේ සහාය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙරටට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකම පාර්ශ්වයක සිට මෙරටෙහි සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනයට බවයි.
මෙම කෙටුම්පත මගින් 19 වැනි සංශෝධනය ඇති දුර්වලතා ඉවත් කර එහි සාධනීය තත්ත්වය ඉදිරියට ගෙන යා යුතු බවත් 19 සංශෝධනයේ ඇති ඇතැම් ස්වාධීන කොමිෂන් සභා වල තාක්ෂණික ගැටලු වඩාත් නිවැරදි කර ගැනීමෙන් සංශෝධනය ගෙන අා යුතු බවත් ඔහු කියා සිටී.
උපුටාගැනීම – දෙරණ අරුණ 25/09/2020