රාජ්‍ය ඇමැති යාල කැලේ 40ක් එක්ක යකා නටලා – වනජීවි එක දන්නෙ නැහැල්ලු

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත් පැන් සාද පවත්වා, සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථ ධාවනය කර ඇතැයි පරිසරවේදීහු පවසති.

නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි හතළිහක කණ්ඩායමක් එම බංගලාවේ නතර වී සිටි බව පැවසේ.

පසුගිය දිනක රාත්‍රි කාලයේ පැමිණි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම, යාල ජාතික වනෝද්‍යානය තුළ දිවා කාලයේදී ජීප් රථ ධාවනයට ඉඩ ලබානොදෙන කාලයේදී පවා ජීප් රථවලින් එහා මෙහා ගොස් ඇති බවද අනාවරණය වේ. මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ ඉකුත් ඉරිදාය.

සිද්ධිය ගැන තමාට වාර්තා වී නැති බව මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියයි.

සාලිය කුමාර ගුණසේකර

Next Post

රටම දන්න කලාකරුවෙක් වූ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කරයි

Fri Sep 25 , 2020
මහාචාර්ය සෞම්‍ය ලියනගේ ( Saumya Liyanage ) කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර තිබෙයි. එයට හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, කථිකාචාර්ය වරයෙකු ලෙස තම පරිවාස කාලය නිමවන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදුසුකම ඔහු සපුරා නොමැති බවයි. විශ්ව විද්‍යාල […]