පරණ රේඩියෝවලින් ගලවන ගැජට් එකක් සල්ලි ඉල්ලමක් දෙන කතාවක්

මෙහි ඇත්තේ හුදෙකලා මිනිසෙක් සහ ඔහුට විසදීමට පැවරී ඇති කාර්මිකද – නො කාර්මිකද වන මට්ටමේ ගැටලු කිහිපයක් පමණි. බලා සිටින්නාට දැනෙන එකම අවුල වන්නේ කාර්මිකයාගේ දකු අතෙහි ඇති වේදනාව විටකදී ඔහු අලි හිරිහැරයක් ලෙස ගැනීමය.

ඒ හිරිහැරය මඟහැර ගැනීම සඳහා වරින්වර වම් අත්ල දිග හැර මැණික් කටුවට සහනයක් ලබා දීමට වම් අතින දකුණු අත පිරිමැදීමට කාර්මික තැන උත්සාහ ගනු ලබයි. කාර්මික කටයුත්ත අතරතුර ගැඹුරැ ප්‍රශ්වාසයකින් ළය මඬල නිදහස් කරගන්නා ඔ වම් බිත්තියේ එල්ලා ඇති වයින ඔරලෝසුවේ මුහුණත් තහඩුවට මුහුණ යොදයි.

දකුණතෙ වේදනාව යම් තරමකට ඔ මන්දගාමී කර තිබුණද ඒ වගක නොපෙන්වා සිටීමට ඒ හැම උත්සාහයක් ඔහු කෙරෙන් පළ නොවේ. මන්ද ඔහු, ඔ නිරත කාර්මික වෘත්තියේ කෙළ පැමිණියකු නිසාය. කාර්මිකයා අවට ඇත්තෙ සුන්බුන් ගොඩක් පමණි. දෙනෙත් බිමට බා දිගු කලක රාජකාරි කළ නිසා යටි බඩ ඉදිරියට නෙරා ටයර්මය පිම්මක් පැන තිබේ. ඒ ටයර්මය පිම්ම හරහා කඳ තුළ උපදින දහඩිය ඔහු වාඩිලා සිටින පුටුවේ ඇදි දෙකට වැක්කෙරේ.

කාර්මිකයාගෙ ඇවැතුම් පැවැතුම් සියල්ල දැඩි පුද්ගලවාදීය. ඒ පුද්ගලවාදීත්වය ඔහු දැඩි රැචිකත්වයක් ඇති කාර්මිකයකු බවට පත්කොට තිබේ. ඒ සදහා අතීතයද බලපාන්නට ඇති.මම එහෙම හිතන්නේම ඔහුගෙ මුහුණින් බුද්ධිමත් බව සහ පවුල ගස දක්නට ලැබෙන නිසාය. ප්‍රීය මිත්‍රවරැනි, ඔහු නිරතව සිටින්නේ කුමන ගණයක කාර්මික සේවාවකද? එය සේවාවක් ලෙස ගිනිය හැකිද? ඒ සඳහා පිළිතුරැ ඇවැසි නම් ඔබ සිදුකළ යුත්තේ මෙහි සිටිනා විශේෂඥයන්ගේ මතයට නෙත යැවීමය.

එයම ප්‍රමාණවත් නම් ඉන් මත්තට මෙම ලියැවිල්ල නොබැලුවාටද කම් නැත. ඔ සොයන්නේ රෙඩ් මර්කරිය. යටි බිම්ගත වෙළහෙළදාම තුළ මේ වනවිට රෙඩ් මර්කරි පැසුණු වෙළෙඳ භාණ්ඩයකි. කාර්මිකයා සිය පවුල් ගස විසින ඉතිරි කරන ලද ඉපැරැණි, ගුවන්විදුලි, රෑපවාහි යන්ත්‍රවල අතුණුබහන් අතරේ රෙඩ් මර්කරි තිබේදැයි සොයා බලයි. ඔහු දෙපස එවැනි යන් සූත්‍ර කන්දරාවකි. අපිළිවෙළට එක්තැන් කරන ලද යන්ත්‍ර සූ පිළිවෙළින් පිරික්සිය යුතු වේ. ඒවාට රිදුම් නොදෙන ලෙසට අනු කොටස් ඉවත් කළ යුතු වේ. ඉන් පසු රෙඩ් මර්කරි ගැජැට්ටුව සොයාගත යුතු වේ.

ඉපැරැණි ගුවන්විදුලි යන්ත්‍ර තුළ රෙඩ් මර්කරි ඇත්තේ ද්‍රවයක ලෙසය. එම ද්‍රවය බහා ඇති ගැජැට්ටුව පරීක්ෂණ නළයකට සමාන වන අතර අප දැන ඇති පරීක්ෂණ නළයක උස පරදා නොයයි. එහි ඇති රෙඩ් මර්කරි ජීව තත්ත්වයේ නම් එය සල්ල ඉල්ලමක් ලෙස පැවැසේ. ප්‍රීය මිත්‍රවරැනි, කලින කලඑළි බසින කිරිමේල වෙළහෙළදාම්වල රස. අකුඅදින යකඩ තැටි, හූනන්, ඇළ තත්ත්වයේ බෙල්ලන්, ර කෝමාරිකා, දිවුල් ගසේ පිළිල පැමිණි දිගු දුරට එක් විරාම ලකුණක් ලෙසයි රෙඩ් මර්කරි හදුන්වාදිය හැක්කේ. අප නැවත අප කතානායකතුමිය වෙත යොමු වෙමු.

යුනික් නම් පරසිදු රේඩියෝව අද දින රැ. 2500කට වඩා අඩුවෙන් මිල වන විට රේඩියෝ නැවැත සැකසීමේ කාර්මික කලාව වැටී සිටින්නෙ කොතැනක දැයි පහසුවෙන තේරැම් බේරැම් කරගත හැකිය. සුළු කාර්මික දෝෂයකට ලක වූ රේඩියෝවක්වත් නැවැත සැකැසීමට නොසලකන මට්ටමක පවතින්නෙ වෙළෙඳපොළ තුළ ගුවන්විදුල යන්ත්‍ර මෙන්ම රෑපවාහිනි යන්ත්‍රද විවිධාංගීකරණයට ලක්ව ඇති නිසාය.

ජංගම දුරකථනයට ගුවන්විදුලි යන්ත්‍රයත් පොළා පැන සිටින විට තවත් උදාහරණ කුමකටද? මෙම සියල්ල සිත දරා අප අපගේ කාර්මිකයාට සවන්දෙමු. “දැනට මාස ගණනකට කලින තමයි මේ රෙඩ් මර්කරි කතාවකරළියට පැමිණියේ. ඒ දවස්වල එක රෙඩ් මර්කරි ගැජැට්ටුවක රැපියල් ලක්ෂ 10ට වඩා වැඩි මුදලකට මිලට ගන්නට කැමැත්තෙන් සිටි පිරිස් සිටියා. එවැනි ඉල්ලුමක් සැබැවින්ම පැවැතියාද යන්න මම නොදන්නා කරැණක්.

ඉපැරණි ගුවන්විදුලි සහ රෑපවාහි යන්ත්‍රවල එකතුවක් මා සන්තකයේ පැවැති නිසයි එම ගුවන්විදුලි, රෑපවාහිනි යන්ත්‍රවල රෙඩ් මර්කරි ගැජැට්ටුව ඇතිදැයි මිනිසුන් සොයාබලන තැනකට පැමිණියේ. එතැන පොඩි හාස්‍යමය කාරණයක තියෙනවා. ඔවුන් පැමිණි ෙ එක එල්ලේ රෙඩ් මර්කරි සොයා නොවේ.

සාමාන්‍යයෙන මෙවැනි ආකාරයේ වෙළෙදාම් තුළදී අවශ්‍ය දේ එක එල්ලේ නොඉල්ලා එය වක්‍ර ක්‍රමයකින ලබා ගැනීමයි සිදුවන්නේ. සමහර විට ඔවුන් එවැන්නක අත්හදා බලන්නට ඇත. උදාහරණයක් විදිහට සත 10 කාසි ඉල්ලා සිටින්නෙක අපෙන් විමසන්නේ සත 05 කාස තිබෙනවාදැයි කියා. දෙවැනුව තමා ඔවුන් පෙර සඳහන් කළකරළියට පැමිණියේ.

ඒ දවස්වල එක රෙඩ් මර්කරි ගැජැට්ටුවක රැපියල් ලක්ෂ 10ට වඩා වැඩි මුදලකට මිලට ගන්නට කැමැත්තෙන් සිටි පිරිස් සිටියා. එවැනි ඉල්ලුමක් සැබැවින්ම පැවැතියාද යන්න මම නොදන්නා කරැණක්. ඉපැරණි ගුවන්විදුලි සහ රෑපවාහි යන්ත්‍රවල එකතුවක් මා සන්තකයේ පැවැති නිසයි එම ගුවන්විදුලි, රෑපවාහිනි යන්ත්‍රවල රෙඩ් මර්කරි ගැජැට්ටුව ඇතිදැයි මිනිසුන් සොයාබලන තැනකට පැමිණියේ.

එතැන පොඩි හාස්‍යමය කාරණයක තියෙනවා. ඔවුන් පැමිණි ෙ එක එල්ලේ රෙඩ් මර්කරි සොයා නොවේ. සාමාන්‍යයෙන මෙවැනි ආකාරයේ වෙළෙදාම් තුළදී අවශ්‍ය දේ එක එල්ලේ නොඉල්ලා එය වක්‍ර ක්‍රමයකින ලබා ගැනීමයි සිදුවන්නේ. සමහර විට ඔවුන් එවැන්නක අත්හදා බලන්නට ඇත. උදාහරණයක් විදිහට සත 10 කාසි ඉල්ලා සිටින්නෙක අපෙන් විමසන්නේ සත 05 කාස තිබෙනවාදැයි කියා. දෙවැනුව තමා ඔවුන් පෙර සඳහන් කළපරිදි සත 10 කාසි ඉතාමත සුළු මුදලකට මිලට ගන්නේ.

මා කරා පැමිණි කිහිපදෙනකු මීට අවුරැදු 30, 40කට කලියෙන මෙරටට ආනයනය කළ ජර්මන්, එංගලන්ත රේඩියෝවල ස්පීකර්වල කාන්දම් මිලට ගන්නට හැකිදැයි විමසා සිටියා. එය සාමාන්‍ය වෙළහෙළදාමක නිසා මම එවැනි පරණ ගුවන්විදුලි යන්ත්‍ර කිහිපය විවෘත කර අවශ්‍ය කාන්දම් කොටස් පිටතට ගත්තා. නමුත නොයෙකුත් අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන් කාන්දම් මිලට ගැනීම ප්‍රතික්ෂේප කළා.

මා එවිට තේරැම් ගත්තා සැබැවින්ම ඔවුන් සොයන්නෙ කාන්දම් නොවන බව. මීට අවුරැදු 40ට පමණ පෙර නිෂ්පාදනය කළ සියලුම රේඩියෝවල මෙම රෙඩ් මර්කරි කොටස අන්තර්ගත වන්නෙ නැහැ. විශේෂයෙන් ජර්මනි ෙ නිෂ්පාදනය කළ රේඩියෝවල පමණයි මෙම රෙඩ් මර්කරි කොට අඩංගු වන්නේ. ගුවන්විදුල යන්ත්‍රයට එය ක්‍රීයාත්මක කරවීම සඳහා පිටතින ලබාදෙන බලයෙන කොටසක් එම රෙඩ් මර්කරිවලට ආරෝපණය වන බවය පැවැසෙන්නේ.

එම ආරෝපිත රෙඩ් මර්කරි නොයෙකුත කටයුතු සඳහා භාවිත කළ හැකියි. එය යම් විනාශකාරී නිෂ්පාදනයක් සඳහාද භාවිත කළ හැකියි. ඒ නිසා මම මා කරා පැමිණෙන අතරමැදියන සහ අන් පුද්ගලයන් කෙරේ දැඩි සැලකිල්ලක් දැක්වූවා. ඔවුන සිතාගෙන සිටියේ මම රෙඩ් මර්කරි පිළිබඳ නොදන්නා බවයි. නමුත් මගේ පියා මෙම කාර්මික කටයුත්තේ නිරතව සිටින විට මට මෙම රෙඩ් මර්කරි පිළිබඳ පුළුල් දැනුමක ලබා දුන්නා. පියා පවසා සිටි ෙ මෙම රෙඩ් මර්කරි කොටස යම් ලෙසකින් පයට පෑගී ගියොත එය කබරයකුගේ අසූචි පයට පෑගුණු ලෙස සැලකිය යු බවයි.

පියා පවසා සිටි ෙ රෙඩ් මර්කරිවල උග්‍ර විසක අඩංගු බවයි. නමුත් ඉන් එපිට කාලය තුළ රෙඩ් මර්කරි කොටස් සඳහා නොයෙකුත ට්‍රාන්ස්සිස්ටර් කොටස් එක වුණා. ඒවා නවීන තාක්ෂණයෙන සාදාගත් උපකරණ. ට්‍රාන්සිස්ටර් කොටසකින් සිදුවන්නෙ විදුලිය ගබඩා කර අවශ්‍ය පරිදි ලබාදීම. මෙම රෙඩ් මර්කරිවලිනුත් මුල් අවස්ථාවේදී සරලව බලාපොරොත්තු වී ඇත්තේ එවැන්නක්. ඒ නිසය ඒවා ආරෝපිත මට්ටමකට පත්වන්නේ.” ප්‍රීය මිත්‍රවරැනි, දරිද්‍රතාවකින් පෙළෙන දුක සහිත කාලයට මුහුණ දීමට වඩාත් හොදින් ලකලැහැස්ති විය හැක්කේ, විසද ආත්මයක ඇති නොසාමාන්‍ය මිනිසුන්ට පමණි. මම මෙම කාර්මිකයා දකින්නේ ඒ අයුරින්.

ඒ ඔහු මා සමඟ මෙවැන්නක්ද පැවැ නිසා. “කාමර දෙකේ පුරවලා තිබු පරණ ටීවී, රේඩියෝ කෙල්ල ලොකු ළමයෙක් වුණු ගමන අයින් කරන්න ඕන කියලා ගෙදර කෙනා කිව්වා. දරැවාට නිදා ගන්න වෙනම කාමරයක ලක ලැහැස්ති කරන්නයවුවමනා වුණේ. හිත දෙන්නෑ මේ පරණ රේඩියෝ, ටීවී විසිකරලා දාන්න. මම හිතන්නේ මේ හැම ටීවී, රේඩියෝ එකක් ඇතුළේම මනුස්සයෙක් ජීවත්වෙනවා කියලා. ඒ මනුස්සයාගෙ හදවත මේ ලට්ට ලොට්ටවලට කොච්චර කාලයක් සවනදෙන්න ඇතිද.

ගත්ත ගෑනිටත සවන් දෙනවාට වඩා වැඩි කාලයක් සමහර විට මුළු ජීවිත කාලයම ප්‍රීය මිත්‍රවරැනි, ඔහු වැන්නකුට නැවැත නැවැතත් සවන් නොදී සිටින්නෙ කෙලෙසද?”“මේ රෙඩ් මර්කරි මුලින්ම කිව්ව විදිහට වීදුරැ ආවරණයකින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. හැබැය ඒක බොහොම ගනකම් වීදුරැ ආවරණයක්. අපි හිතමු යම් රේඩියෝවකින් එවැනි රෙඩ් මර්කරි සහිත ආවරණයක ගලවා ගත්තා කියා.

එය සුරක්ෂිතව ස්ථානගත කළයු නිසා කළ හැක්කේ රිජිෆෝම් වැනි ආවරණයක දැවටීමයි. රේඩියෝව තුළත් මෙම රෙඩ් මර්කරි ආවරණය පවතින්නෙඉතාමත් සුරක්ෂිත ලෙස. උදා: ලෙස රේඩියෝව තුළ පවතින රෙඩ් මර්කරි ආවරණයට සුළු හෝ හානියක් සිදුවන තවත කිසිදු රේඩියෝවට සම්බන්ධ උපකරණයක් ඒ අසලවත නැහැ. රසදියවල ප්‍රමාණය කාලයත් සමඟ යම් ප්‍රමාණයකින ඉහළ යා හැකි නිසා ආවරණය තුළ ඇත්තේ රසදිය ස්වල්පයක පමණි. අනික් කරැණ තමය මෙම රෙඩ් මර්කරි බහා ඇති ආවරණය ඉතාමත් හොදින් සීල කර පැවැතීම.

උදාහරණයක් ලෙස බල්බ් එකක පිලමන්ට් එක ගන්න. අපි බල්බ් එක ගලවද්දී වීදුරැ ආවරණයට හානි වන ලෙසය මෙම රෙඩ් මර්කරි ආවරණයත සකසා තිබෙන්නේ. නිෂ්පාදනය කළ පිරිස් ඉන් අපේක්ෂා කරන්නට ඇත්තේ මෙම රෙඩ් මර්කරි දෙවැනිව යම් කටයුත්තකට භාවිත කරන්නට ඇති හැකියාව නවතා දැමීම. කෙසේ වෙතත් දැන් නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කරලා හරි මෙම රෙඩ් මර්කරි දෙවැනි කටයුත්තක් සඳහා යොදා ගන්නවා ඇති.” නොවරදවා රෙඩ් මර්කරි වෙළෙදාම බැස යාවි. නව වෙළෙදාමක් නැඟ ඒවි. ලංකාව නම් වෙළෙන්දන්ගේ දූපත තුළ වෙන කුමක් නම් සිදුවන්නද?

Next Post

ලබන 01 සිට ග්‍රාම නිලධාරීන්ට නව චක්‍රලේඛයක්

Wed Sep 23 , 2020
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එය 2020.10.01 දින සිට ක්‍රියාත්මක කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එසේම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට […]

Breaking News