පුලුන් කෑල්ලෙන් – තුවාල ප්ලාස්ටරයෙන් මුදල් හම්බකරන නවතම ක්‍රමයක් සොයාගත් තරුණයා

තුවාල ප්ලාස්ටර්  කැබැල්ලකින් මුදල් උපයමින් පවත්වාගෙන ගිය සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැක.කරුවකු සැකපිට 20 වැනි දින දඹුල්ල පොලිසිය මඟින් අත් අඩoගුවට ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක කණ්ඩායමේ තවත් පුද්ගලයකු අත් අඩoගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයිද දඹුල්ල පොලිසිය කියයි.

අත් අඩoගුවට ගත් පුද්ගලයා තවත් කණ්ඩායමක් සමඟ එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සැරිසරමින් හෝටල්වලට ගොස් ආහාර ලබා ගනිමින් සිටියදී ඉතා සූක්ෂ්ම ලෙස සඟවාගෙන රැගෙන එන තුවාල සඳහා යොදන ගෝස් කැබැල්ලක්, ප්ලාස්ටර් කැබැල්ලක් සහ ‍ප්‍රතිකාර කළ බවට හැඟී යන ගැලවූ ප්ලාස්ටරයක් එම වෑංජනයකට දමා හෝටලය තුළ දැඩි කලබලයක් ඇති කොට හෝටල් හිමියන් බියගන්වා රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ආදී මුදල් ලබාගෙන පිටව යන බව  පොලිසිය කියයි.

මෙසේ අත් අඩoගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

19 වැනි දින දහවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයකට මෙම සැකකරු දිවා ආහාරය ලබා ගැනීම සඳහා පැමිණ තිබේ. ඒත් සමඟම ඔහුගේ තැරැව්කරුවකු ද එම මේසයේම වාඩි වී ආහාර ගැනීමට සූදානම් වී ඉතා සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි තුවාලයකින් ගැල වූ බව හැඟී යන  ප්ලාස්ටර් කැබැල්ලක්  කුකුළු මස් වෑංජනයට දමා කලවම් කොට එක්වරම හෝටලය තුළ කලබලයක් ඇති කර තිබේ.

එම හෝටලයේ  හිමිකරු දැඩිව මෙම පුද්ගලයාට ප්‍රකාශ කොට ඇත්තේ එම කුකුළු මස් වෑංජනය තමා විසින් පිසින  ලද්දක් බවය. කිසිදු ආකාරයෙන් වෙනත් අයකු එය පිස නොමැති නිසා තමාගේ ශරීරයේ තුවාලයක් නොමැති නිසාත් එය වංචාවක් බවත් ඔහු තරයේ ප්‍රකාශ කොට තිබේ.

පසුව මෙම පුද්ගලයා දැඩිව තර්ජනය කොට ඇත්තේ තමන් නාවික හමුදාවේ නිලධාරියකු බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලබාදී වෙළෙඳසල වසා දැමීමට පියවර ගන්නා බවටද තර්ජනය කොට තිබේ.

සැකකරු එම අවස්ථාවේදීම දිවයිනේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කීපයකට දුරකථනයෙන් කතා කොට එම ස්ථානයට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එවන ලෙස දැනුම්දී ඇත. 

පසුව මෙම හෝටල් හිමිකරු දඹුල්ල පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ තමාට විශාල අසාධාරණ චෝදනාවක් කරමින් මුදල් ඉල්ලා සිටින බවය.  පොලිසිය  දැනට අත්අඩංගුවේ පසුවූ පුද්ගලයා කැඳවා ප්‍රකාශ ලබාගනිද්දී කියා ඇත්තේ තමා ආහාර ගැනීමට යද්දී තුවාල ප්ලාස්ටර් තිබූ බවය. 

පසුව 20 වැනි දින උදෑසන දෙදෙනාම පරීක්ෂණ සඳහා පොලිසියට කැඳවා තිබේ.

පොලිසියට ගමන් කරන අතරතුරදී මෙම සැකකරු තම ගමන් මල්ලේ තිබුණු යමක් පොලිසිය ආසන්නයේ  කැලෑවකට දිවගොස්  විසි කරන ආකාරය පුද්ගලයකු දැක ඒ බව පොලිසියට දැනුම්දී  තිබේ. පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් ඔහු පසුපස ලුහුබැඳ මෙම පුද්ගලයා ල¾දු කැලෑවට විසි කොට ඇත්තේ තවත් ගෝස්, තුවාල ප්ලාස්ටර් සහ තුවාලවලට යොදන බෙහෙත් කුප්පියක් බව හ¾දුනාගෙන තිබේ.

ඒ අනුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතා විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ තමා විසින් කාලයක් තිස්සේ සිදුකරගෙන යන ජාවාරමක් බවය. එමෙන්ම හෝටලයේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධති පොලිසිය පරික්ෂා කිරීමේදී මෙම පුද්ගලයා ඉතා සූක්ෂ්ම ලෙස මෙය සිදුකරන ආකාරය නිරීක්ෂණය වී තිබේ.  

පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතා සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු කියා ඇත්තේ තමා සහ තවත් පුද්ගලයකු මෙම ක්‍රියාව සිදුකළ බවය. මුදල් ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකළ බවත් වීවිධ මාධ්‍ය ආයතනවලට කතා කොට හෝටල් හිමියන් බියගන්වන බවත් ඔවුන් බිය වැද්දීම සඳහා තමා නාවික හමුදාවේ නිලධාරියකු ලෙස බොරුවට කියූ බවද සැකකරු පොලිසියේදී පාපෝච්චාරණය කර ඇත.

අන් අයකු ලෙස පෙනී සිටීම,  ජනතාව රවටා මුදල් මංකොල්ල කෑමේ නිරත වීම ආදී කරුණු යටතේ මෙම සැකකරුට විරුද්ධව නඩු පවරන බව මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Next Post

පාර්ලිමේන්තුව උණුසුම් වේ - මන්ත්‍රී වරයෙක් එලියට - සජිත්ගෙ 17ක් ආන්ඩුවට එක් වෙයි

Tue Sep 22 , 2020
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ සඳහා විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. ඔවුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ නැගී සිටිමින් විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය. එම පනත් […]