රට පලතුරැ සොයන අයට කදුරටෙන් විසදුමක් – පෙයාර්ස් පැළ 5ක් සිටුවන්න – රහංගල ග්‍රීන් අලුත් ප්‍රභේදයකුත් ඇවිත්

දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහමාර්ගය වන කොළඹ – නුවර පාරේ මඟ දෙපස තබාගෙන විකුණන පලතුරැ ප්‍රභේදයන් දකිනා විදේශිකයකු, ශ්‍රී ලංකාව නමැති පලතුරැ උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරැ තොගයක පාර දෙපැත්තෙන්ම අපට හමුවේ.

අන්නාසි, අඹ, අලිපේර, දූරියන්, රඹුටන්, පේර වැනි වාණිජ දේශීය පලතුරැද, නෙල්ලි, ගඩුගුඩා, ගල් සියඹලා වැන කැලයෙන් කඩාගෙන එන පලතුරැද පමණක් නොව ආනයනය කළ ඇපල්, මිදි, පෙයාර්ස් වැනි දේද මේ අතර තිබේ.

පොල්ගෙඩි අකුරෙන් ‘රහංගල පෙයාස්’ යනුවෙන් ලියූ පුවරැවක් පසුගිය දිනෙක මා නෙත ගැටුණු අතර ඊට යාර පනහක් පමණ ඔබ්බෙන වූයේ පාර අයිනේ ඇටවූ තාවකාලික රාක්කයක් මත පිළිවෙළට තැබූ දේශීය පෙයාර්ස් තොගයකි.

2018 වසර තුළදී පමණක් රැපියල් මිලියන 4300ක මුදලකට ඇපල් මෙට්‍රීක් ටොන 27,253ක්ද, මිලියන 50කට පෙයාර්ස් ටොන 355ක්ද මෙරටට ගෙනැවිත් තිබේ. ගස් යට වැටී කුණුවෙන සියඹලා තොග වියළි කලාපය පුරා තිබෙත්දී තායිලන්තයෙන් සියඹලාත් ආනයනය කරන රටකට, දේශීය පරිසරයේදී පහසුවෙන් වැවෙන්නේ නැති බෝගයක් ව ඇපල් ගෙඩියක් පිටරටින් ගෙන්වාගෙන කෑමේ වරද කුමක්දැයි කෙනකුට ඇසිය හැකි වුවත්, මෙම කුඩා දිවයිනේ පවතින දේශගුණික පරාසයන් හමුවේ වැවිය නොහැකි පලතුරක මෙහි නැතැයි යනුවෙන් සිතට නැඟෙන හැඟීම නම් ආශ්වාදයකි.

දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන තව ටිකක් ඉදිරියට මෙහෙයවා, ඇපල් කෙසේ වෙතත් අපේම පෙයාර්ස් වගාවකින් පොහොසත් වන්නටද උත්සාහ ගන්නේ නම් එය කාලයේ තාලයට ගැළපෙන ව්‍යායාමයක්ද වන්නේය. පෙයාර්ස් වගාව ලංකාවට පැමිණෙන්නේ තේ වගාවේ හදුන්වාදීමත් සමඟය. තේ වතු ආශ්‍රිතව සිටුවීමට බ්‍රීතාන්‍යයෙ ඊස්ට් මේලින් උද්‍යාන බෝග හා කෘෂිකර්ම පර්යේෂණායතනයේ සිට පෙයාර්ස් ප්‍රභේදයන රාශියක් එකලදී මෙහි ගෙනැවිත්, රහංගල තිබූ පර්යේෂණායතනයේදී යෝග්‍යතාව පරීක් ෂා කර තිබේ.

ඉන් තෝරාගත් පැරැණිම ප්‍රභේදය අද වුවත් හදුන්වන්නේ ‘රාගල’ ප්‍රභේදය ලෙසයි. මුලදී නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා හොඳින් ව්‍යාප්තව තිබූ පෙයාර්ස් වගාව පසුබෑමකට ලක්වන්නේ 1978 නොවැම්බරයේදී ලංකාව හරහා හමාගිය සුළිසුළඟ නිසා ඉහළ භූමියන්හි තිබූ ගස් බොහොමයක් විනාශ වී යෑම හේතුවෙනි. මෙයටම සමපාතව වෙන්චූරියා (ඍඥදබභපඪච) නම් දිලීරය හරහා ගෙඩියේ ග හටගැනීමේ රෝගයක්ද ඇතිවිණි.

කෙසේ වෙතත් පසුව තේරැම් ගියේ උසින් අඩි 5000ක වැනි සීමාවේ මෙම දිලීරය හොඳින් පැතිරෙමින් වගාව විනාශ කළද, ඊට වඩා තරමක් පහළ, එතරම් ශීත නැති පරිසරයන්හි දිලීරයේ හානිය අවම වන බවයි. අදටත් රහංගල, බොරලන්ද, ඔහිය, කැප්පෙටිපොළ වැනි පළාත්වල පෙයාර්ස් වගාවත් සමඟ වෙන්චූරියා රෝගය තිබුණත් දිලීර නාශක යොදමින් පාලනය කළයුතත්ත්වයට අවදානමක් නොපවතී. මේ නිසා එම භූමි ප්‍රදේශය තුළ පෙයාර්ස් වගාව ව්‍යාප්ත කිරීමේ හැකියාව, සරලව නොසලකා හැරිය යුතු නොවේ.

“පෙයාර්ස් වගාවට සුදුසුම ප්‍රදේශය තමය මුහුදු මට්ටමෙන් අඩි 4000 – 5500 දක්වා උස්වූ ප්‍රදේශය. මේ ප්‍රදේශය දැනට තේ වගාවෙන විස්ථාපනය වෙලයි තියෙන්නේ. හැබැයි සමහර තේ වතු තිබෙනවා කල් ගිය නිසරැ ඒවා. නිසි නඩත්තුවක් නැතිව ඔහේ තියෙනවා. මේවායෙ තවදුරටත් තේ වවන්නේ නැත්නම් හොඳ විකල්ප වගාවක් තමයි පෙයාර්ස්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කළ පැරණි ප්‍රභේදය ‘රහංගල වරණය’ වගේම 2019දී ‘රහංගල ග්‍රීන්’ කියන ප්‍රභේදයත් නිර්දේශ කෙරැවා. රහංගල පර්යේෂණායතනයේත්, ගොවිපොළෙත් මේවයෙ පැළ හදනවා. කාට හරි ලොකු වගාවකට සැලසුමක් තිබෙනවා නම් ඇණවුම් කරලා තමයි පැළ සාදවා ගන්න වෙන්නේ.

එවන් තොග ඇණවුමක් ලැබුණොත් එය ඉටු කරදෙන්න වසරඑක හමාරක්වත් ඕනෑ වෙනවා.” එසේ අදහස් දැක්වූයේ කලකට ඉහතදී දේශීය පෙයාර්ස් වගාව ප්‍රවර්ධනය උදෙසා වෙහෙසී වැඩ කළ කෘෂි විද්‍යාඥයෙක් වන බන්දුල හේමචන්ද්‍ර මහතායි.

බණ්ඩාරවෙල, කහගොල්ලේ කෘෂිකර්ම පර්යේෂණායතනයේ ප්‍රධානියා ලෙස සේවය කර දැනට විශ්‍රාමිකව සිටිනා ඔහුගේ මතකයට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කලකට ඉහතදී පෙයාර්ස් පැළ නිෂ්පාදනය සඳහා පෙෳද්ගලික තවාන්කරැවන්වද උනන්දු කර තිබේ. එහෙත් පෙයාර්ස් වැවීමේ උනන්දුව මහජනතාව තුළට කා වැදී තිබී නැත. තවාන්කරැවන් තමා සෑදූ පෙයාර්ස් පැළ ටික අලෙවිකරගත නොහැකිව ළ තැවෙමින් සිට කර්තව්‍යය අතහැර දමා තිබේ.

මහා පරිමානයේ වගාවකට නොයන අයකුට තම ගෙවත්තේ පෙයාර්ස් පැළ 5ක් සිටුවා ගැනීමේ කිසිදු අපහසුතාවක් අප නොදකිමු. එය හොඳ අතිරේක ආදායම් මාර්ගයක් වන බවට සැකයක්ද නැත. කෙටි දැනුම්දීමකින් පසුපැළ කීපයක් ඉහත දැක්වූ ආයතනයන් වෙතින් ලබාගැනීමේ පහසුකමද තිබේ.

ආනයනික ඇපල් හා පෙයාර්ස් කෑමට ජනතාව තුළ ඇති ආසාව දේශීය නිෂ්පාදනයන් හරහා මුළුමනින්ම සංසිඳවීමට නම්, නිසරැ තේ වගා කීපයක් පෙයාර්ස් වතු බවට පත්කළ යුතු වුවත්, ගෙවතු වගාවක් ලෙස රහංගල පෙයාර්ස් ප්‍රචලිත කිරීමෙන් උදාවෙන්නේ නැවුම් රට පලතුරක රස බලන්නට හැකි මහඟු අවස්ථාවකි.

මාස කීපයකට පෙර අස්වැන්න නෙළා, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආලේප කර, ශීත ගබඩාවල තැන්පත්ව අප වෙත එන ‘රට පෙයාර්ස්’ සමඟ දේශීය බෝගයේ රස ගුණ විමසන්නට ජනතාවට හැකිවන්නේ එවිටය. වෙනස තේරෙන්නේද එවිටය.

Next Post

දුෂ්කර පාසල් සොයා ලංකාව පුරා මෝටර් සයිකලයෙන් ගිහින් නොමිලේ ගණිතය උගන්වන අපූරැ ගුරැවරයා

Mon Sep 21 , 2020
පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ධනය, දැනුම අනුන්ගෙ පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ධනය, දැනුම අනුන්ගේ හිතසුව පිණිස ලබාදී ආත්ම තෘප්තියෙන යුතුව ජීවත්වීම පමණයි. මේ විදියේ පෙරවදනක් පෙළ ගස්වන කොට ඔබට හිතේවි එහෙම මිනිස්සු […]