දුෂ්කර පාසල් සොයා ලංකාව පුරා මෝටර් සයිකලයෙන් ගිහින් නොමිලේ ගණිතය උගන්වන අපූරැ ගුරැවරයා

පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ධනය, දැනුම අනුන්ගෙ පරිත්‍යාගශීලී මිනිසුන්ගේ හිත්වල පටු අරමුණු නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ධනය, දැනුම අනුන්ගේ හිතසුව පිණිස ලබාදී ආත්ම තෘප්තියෙන යුතුව ජීවත්වීම පමණයි. මේ විදියේ පෙරවදනක් පෙළ ගස්වන කොට ඔබට හිතේවි එහෙම මිනිස්සු නැත්තෙම නැහැ.

ඉන්නවා නම් හරිම අඩුයි කියලා. ඇත්තටම ඔබ හරි. එහෙම මිනිස්සු අඩුයි තමයි. හිටියත් ඒ වගෙ පරිත්‍යාගශීලී මිනිස්සු වෙස් මුහුණු දාගෙන ඉන්න හොරැ තරම් එහෙමත් නැත්නම් ආත්මාර්ථකාමී මිනිස්සු තරම් ජනප්‍රිය වෙන්නේ නැහැ කියලා. අපි මේ විදියේ අපූරැ චරිතයක් හොයාගෙන ගියා.

වැඩිදුරකට නෙවෙයි පිළියන්දල මඩපාතට. බැලූ බැල්මට කීර්තිමත් ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස නොපෙනෙන ඔ වෙතින් අප දුටුවේ සරල, සැහැල්ලු ගති පැවැතුම්. ප්‍රියමනාප ගති. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරැ පීඨයේ ගණිත අංශයට සම්බන්ධව සේවය කරන ඔහු ආචාර්ය උදය චින්තක ජයතිලක. “බොහෝ අය කියනවා ඔබ අමුතු විදි ෙ චරිතයක් කියලා. පරිත්‍යාගශීලී මනුස්සයෙක කියලා.” ආචාර්ය උදය චින්තක ජයතිලක අපේ ප්‍රශ්නයට මුලින්ම කළේ මුවපුරා නැඟුණු සිනහවකින් අපට සංග්‍රහ කිරීමයි.

ඉන්පසුව මෙන්න මෙහෙම කෙටි උත්තරයක් දුන්නා. “අනේ මන්දා….” අපේ ආචාර්යවරයා අනෙක් අයට වඩා වෙන චරිතයක් වෙන්නේ කොහොමද? ඔහුට එක එල්ලෙ පිළිතුරැ දිය නොහැකි එසේත් නැත්නම් අසීරැ ඒ ප්‍රශ්නයට අපි සොයාගත්ත පිළිතුරැයි මේ. සාමාන්‍යයෙන් මෝටර් සයිකලයක නැඟ අතිදුෂ්කර ගම්මාන සොයා ගෙන කැලෑමල්වලට නොමිලේ ගණිතය උගන්වන ගුරැවරැන් අප දැක නැහැ. ඒ යන සෑම තැනකදීම අනාගතය උදෙසා පැළයක් සිටුවීමත් මේ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයාගේ පුරැද්දක්.

සාමාන්‍යයෙන් අප අතර ඉන්නා බොහෝ මිනිසුන වැඩක් කරන්නේ යමක් කටට දමා ගන්නයි. එහෙත් ආචාර්ය උදය චින්තක ජයතිලක නමැති පරාර්ථකාමී මේ මිනිසා අතේ සල්ලි පොතෙ නොදමා දුප්පත් දරැවන්ගේ හෙට දවස වෙනුවෙන වැය කරනවා. “ටයි එකක් දාගෙන පැත්තකට වෙලා නොඉඳ ඇයි මෙහෙම දුක් විදින්නේ…?” අපි ආචාර්යතුමාගෙන් ඇසුවේ ඔහු ඊට දෙන පිළිතුර කුමක්දැයි දැනගන්නට ඇති කැමැත්ත නිසාමයි. “පුංචි කාලේ අපේ පවුලේ තිබුණු ඒ පසුබිමත එක්ක එහෙම වෙන්න ඇති.” “මට බයිසිකල් පදින ආසාව ඇති වුණෙ පුංචි කාලේ තාත්තා මෝටර් සයිකලය පදිනවා බලාගෙන ඉඳලයි.” “ඊට පස්සේ මමත් ඒකට වහ වැටුණා.

කොහොම හරි තවත් කාලෙදී මම බයිසිකලය පැදගෙන රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදින්න පටන් ගත්තා.” “එතකොට වෙලාවක මට හිතුණා මෙහෙම යද්දී මම ඉගෙන ගත්තු විෂයයෙන් හෙට දවසේ රට භාර ගන්නා දුප්පත් දරැවන්ටත් යමක් කියාදෙන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා.” “ඒ අනුව තමයි මම දුෂ්කරම ප්‍රදේශවල තිබෙන පාසල් මේ සඳහා සොයා ගන්න හිතුවේ.” අපේ ආචාර්යතුමාට මේ දුප්පත් පාසල් සහදුෂ්කර ගම්මාන සොයා ගන්න උදවු වුණේ, මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඉන්ජිනේරැ පීඨයේ සිසු සිසුවියෝ.

ඔවුන් තමන්ගෙ සර්ගේ චින්තනය හොදින් වටහාගෙන තිබෙන නිසාම මේ වෙනුවෙන් මැදිහත් වුණා. “මම දැනට පාසල් 35කට ගිහින් ගණිත සම්මන්ත්‍රණ පවත්වා තිබෙනවා. ළඟදීම 36 වැනි පාසලටත් යනවා.” “ඇත්තටම මම එහෙම ගිහින් කරන්නේ ගණිත විෂයේ අපහසුම තැන් සරලව උගන්වන එකයි. විශේෂයෙන්ම ජ්‍යාමිතිය, කොටස්, ඝන වස්තුවල ස්වභාවය වඩාත් හොදින් පහදලා දෙන්න මම උත්සාහ කරනවා.

ඒක පහදා දෙන්නේ හරිම සුන්දර විධියට පවත්වන දේශනයක් ඇසුරින්.” ආචාර්ය උදය චින්තක ජයතිලක මේ විධියට දේශන පවත්වන්නට වියදම් කරන්නේත තමන්ගේම පොකැට්ටුවේ මුදල් කියලා අපි ඔබට මුලින් කිව්වා. ඇත්තටම ඔහු මේ වෙනුවෙන් අනුග්‍රාහක භවතකුගේ උදවු උපකාර ගන්නවත් කැමැති නැත්තේ ඔවුන්ගේ වෙළෙඳනාම හා නිෂ්පාදන ද්‍රව්‍ය එමඟින් ප්‍රසිද්ධ කරන්න ඇති අකැමැත්ත නිසාමයි. “එහෙම වුණොත් ඒක මගේ වැඩක් වෙන්නෙ නැහැනේ.” ඔහු සිනාසෙමින් කියනවා.

තරමක් වෙනස් විධියට හිතන අ ෙ කථිකාචාර්යතුමා පුංචි දවස්වල ඉඳලම වෙනස්ම විධියට හිතපු වෙනස්ම චරිතයක්. ඔහු කුඩා කාලයේ ඉගෙන ගත්තේ කොට්ටාව විද්‍යාදාන විද්‍යාලයේ. ඉන් පස්සේ මහරගම ජනාධිපති විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ආවා. රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වෙලා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරැ පීඨයට ඇතුළත් වුණා. “ඉන්ජිනේරැ පීඨයේ හිටියත් මගේ හිත යන්නෙ ශුද්ධ ගණිතය විෂයටයි.

ඒ නිසාම මම මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් කළ සැණින්ම ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න හිතාගෙන ඇමෙරිකාවට ගියා. මේ විශ්වවිද්‍යාලයේ අවුරැදු 4ක් පමණ ඉගෙන ගත්තු ආචාර්ය ජයතිලක එහිදීත් සුවිශේෂ දක්ෂ තා පෙන්වමින් ඉහළින්ම සමත් වුණේ අවුරැදු 43ක පමණ පැරැණි ගණිත ගැටලුවක් විසඳන හැටි පෙන්වා දෙමිනුයි. “ගණිත විෂයට අදාළව නොවිසදුණු ගැටලු රැසක් තිබෙනවා. සමහර ගැටලු අවුරැදු 200ක වගේ පරණයි. ඒත් විසදුම් නැහැ. ඒ තරමටම ඒවා සංකීර්ණයි.

මේ ගැටලු සාමාන්‍ය අයට කියලාතේරැම් කර දෙන්න පවා බැහැ. ඉතින් මගේ ආසාව තමයි ඒ ගැටලුවලට විසදුම් සොයා ඉදිරිපත් කිරීම. ඒ ගණිතයට මා එච්චරම ආස හින්දයි.” මේ ආචාර්යවරයා කුඩා කල සිටම එවැනි ගැටලු ගැන අවධානය යොමු කළ අපූරැ චරිතයක්. ඔහු ඒ කාලයේ ඉඳලම විවිධ හැඩ තලයන් ඇසුරින් ඝන වස්තු නිර්මාණය කරමින ඒවා සම්බන්ධව අධ්‍යයනය කරන්න පටන ගන්නෙත් ඒ ඕනෑකම නිසාමයි. මේ නිසා තමයි ඔහු අදත් ගමින් ගමට ගිහධ ජ්‍යාමිතියට අදාළ පාඩම් කැලෑ මල් එක්ක සාකච්ඡා කරන්නේ. රහට උගන්වන්නේ.

ඉලෙක්ටේ‍රානික හා විදුලි සන්දේශ ඉන්ජිනේරැවත් ලබාගෙන ඇති ආචාර්ය ජයතිලක ගණිත විෂයය පිළිබඳ කථිකාචාර්යවරයෙක් වු පළමු චරිතය හැටියටත් සැලකෙනවා. “මෙහෙම කෙනකුට ටයි කෝට් ඇඳලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් නේද? අපි තවත ප්‍රශ්නයක් බොහොම සුහදව ඔහුට යොමු කළා.” “මට එහෙම ඉඳලා පුරැදු නැහැ. අපි බොහොම සරල මිනිස්සු.” ආචාර්ය උදය චින්තක ජයතිලක අරැම පුදුම මනුස්සයෙක්. ඔහුගේ මෝටර් සයිකල් ගමන්වලදී සුපිරි පහසුකම් ගැන පවා උනන්දුවක් දැක්වූවේ නැහැ.

සමහර දවස්වලදී ඔහු යන දුෂ්කර ගමන්වලදී ගෙදර ඇඳ වගේ සුවපහසුවට නිදාගන්න තරම්වත් තැනක් නැහැ. එහෙම දවස්වලට අහුවෙන තැනක නිදාගන්නවා. පුංචි පුංචි කඩවලින් බඩකට පුරවා ගන්නවා. ඒත් තමන්ගෙ අරමුණු බින්දුවට බස්සල ඇඟ බේරාගෙන කරන්නන් වාලේ වැඩ කරන්න නම් ඔහු කිසිවිටක උත්සාහ ගන්නේ නැහැ. “මම ගිය දුෂ්කරම ගම තමයි ගලමුදුන ගම කියන ඉසව්ව.

ඒ ගම තියෙන්නේ මීමුරේටත් එහා.”“මේ ගමට යන්න පාරක් නැහැ. මෝටර් බසියිකලයෙන් පවා යන්න පුළුවන් වුණෙ කියාගන්න බැරි තරම් අපහසුවෙන්. ඒත් මම ගියා. “එහෙම ගිය මට ගමේ ඉන්න පුංචි දරැවො ටිකක් මුණගැසුණා. ඔවුන්ට මම ඝන වස්තුවල ඇති ගැටලු කිහිපයක් ගැන පාඩමක් කියා දුන්නා. ඒ දරැවන් හරිම උනන්දුයි. ඔවුන් අනාගතය දිහා සුබවාදීව බලනවා.” “ඊට පස්සේ මට හමුවුණු දුෂ්කරම ඉස්කෝලෙ තමයි ඇල්ල ප්‍රදේශයේ තිබෙන වලස්බැද්ද විද්‍යාලය. ඒ දරැවන්ටත් ගණිත ගැටලු විසදාගන්න වුවමනාව තදින් තිබුණා මේ වගේ දුෂ්කර ඒත් අර්ථාන්විත ගමන බිමන්වලට හරිම ලස්සන නමකුත් අ ෙ කථිකාචාර්යවරයා යොදා ගෙන තිබෙනවා. “ඕඪඬඪදඨ 4 ර්චබඩඵ”

කියලා තමයි මේ ගමන් බිමන්වලට ඔහු යොදාගෙන තිබෙන නම. තවමත් තනිකඩව ඉන්නා ආචාර්ය උදය චින්තක ජයතිලකට විවාහ වෙන්න තරම්වත් හිතක් නැහැ. ඒ ඔහුගේ මේ සමාජ සත්කාරක සේවාවෙන් නියම ආත්ම තෘප්තිය ලැබෙන හින්දා. “මම ආගමක් ගැන ලොකුවට හිතන්නේ නැහැ. නමුත් බුදු දහමේ හරයට මම හුඟක් නැඹුරැයි. ඒක බොහොම ගැඹුරැ දර්ශනයක්. මම ඒ අනුව ජීවත් වෙනවා. අනෙක මම කාටවත් සතපහක්වත් ණය නැහැ. ණය වෙන්නෙත් නැහැ. ලැබෙන වැටුපෙන් ජීවත වෙනවා. ඒකට කළමනාකරණය අවශ්‍යයි.

මට මෝටර් සයිකලයක් තියෙනවා. ඒක ටේ්‍රල් වර්ගයේ එකක්. ඊළඟට තවත් කැබ් රථයක් තිබෙනවා. ඒ ඇති. මේ ඉන්න ගෙදර වුණත් මට පහසු විදියට, මට ගැළපෙන විදියට හදාගත්තා.” ආචාර්ය ජයතිලකගේ පවුලේ ඉන්නේ එකම එක අයියා කෙනෙක් විතරයි. ඔහු ව්‍යාපාරිකයෙක්.ඔහුගේ පියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හි කීර්තිමත් මහාචාර්යවරයෙක්. රසායන විද්‍යා අංශයේ සේවය කළ ඔහු ඒ විෂය පිළිබඳ ග්‍රන්ථ කිහිපයකුත් එළිදක්වා තිබෙනවා. මව මල්ලිකා කොළොන්න. ඇයත් ගුරැවරියක්. දැන් ඔබ තේරැම් යනවා ඇති මේ පවුල් පසුබිම ඔහුගේ වර්තමාන ක්‍රීයාකලාපයට කොයිතරම් බලපාන්න ඇද්ද කියලා. මේ ආචාර්යවරයාගේ මෝටර් සයිකල් සවාරි ගැන අපි ඔබට මුලින් සඳහන් කළා.

ඔහු ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය වගේ රටවල්වලට පවා ගිහින් මෝටර් සයිකල් සවාරිවලට සම්බන්ධ වෙලා තියෙනවා. “මම කිලෝමීටර් 5400ක් වගේ දුරක් මෝටර් සයිකලයෙන් ගියා. ඒ දින 21ක් ඇතුළත. රටකින රටකට ඇතුළු වෙද්දී මගේ පාස්පෝට් එක බලලා ‘ආ ලංකාවේද? බෙෳද්ධ නේද?’ කියලා අහලා මට ඔවුන් සහයෝගය දැක්වූවා. ඒකත් පුදුමාකාර අත්දැකීමක්.” මේ වගේ මෝටර් සයිකල් සංචාරවලට සහභා වෙන ඔහු ඒ අත්දැකීම් ඈත ගම්මානවලට ගිහධ ගණිත දේශන පවත්වද්දී ඒ දරැවෝ එක්කත බෙදාහදා ගන්නවා.

අමාරැ ගණිත ගැටලුවලට සවන්දීලා වෙහෙස මහන්සි වුණු දරැවන්ගේ මනස හදන්න ඔහු යොදාගන්නේ මෙන්න මේ වගෙ රසබර කතා තමයි. “ලංකාවේදිත් මම එක ගමනකට කිලෝමීටර් 2700ක් වගේ දුරක් මෝටර් සයිකලයෙන් ගිහධ තියෙනවා. සමහරැන්ට මෝටර් සයිකලයෙන මෙහෙම යන එක කරදරයක්. ඒත් මම කැමැතියි. මගේ නිදහස තිබෙන්නේ එතැනයි. ඒ වගේ දැනට මම අපේ රටේ දූපත් හතරකට මෝටර් සයිකලයෙන් ගිහින් තිබෙනවා.

ඒ නාගදීපය, ඩෙල්ෆ්, එළුවතිව් හා ආඩතිව්වලට.” අපේ ආචාර්යතුමා එක්ක අපි බොහෝ වෙලාවක මේ විදියට කතා කළත් කාලය ගත වෙනවා තේරැණේ නැහැ. ඔහු ඒ තරමටම සුහදයි. “මම හැම වෙලාවෙම හිතන්නේ මම කරන දෙයින් කිසියම් කෙනෙක් සතුටක් ලබනවා නම් ඒක මගේ සතුට කියලයි. අනාගතයේදීත් මගේ චර්යාව ඒ විදියට වේවි.” ඔහු හිනාවෙමින් කිව්වා.

Next Post

පුලුන් කෑල්ලෙන් - තුවාල ප්ලාස්ටරයෙන් මුදල් හම්බකරන නවතම ක්‍රමයක් සොයාගත් තරුණයා

Tue Sep 22 , 2020
තුවාල ප්ලාස්ටර්  කැබැල්ලකින් මුදල් උපයමින් පවත්වාගෙන ගිය සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැක.කරුවකු සැකපිට 20 වැනි දින දඹුල්ල පොලිසිය මඟින් අත් අඩoගුවට ගෙන තිබේ. මෙම සංවිධානාත්මක කණ්ඩායමේ තවත් පුද්ගලයකු අත් අඩoගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයිද දඹුල්ල පොලිසිය කියයි. අත් අඩoගුවට ගත් පුද්ගලයා තවත් කණ්ඩායමක් සමඟ එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සැරිසරමින් […]

Breaking News