පාර්ලිමේන්තුවත් මෙහෙම ගියොත් අනතුරේ – ඩිලාන් පෙරේරා ඉල්ලන ඇමතිකම මෙන්න

රිලවුන් විසින් වගාවන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

වගාවන්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් විනාශ කරන අතර ඇතැම් ප්‍ර දේශවලට මෙය දරුණු ගැටලුවක් බවට පත්ව තිබේ.

මෙම ගැටලුවල පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසුවේ රිලවුන් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා අමාත්‍යවරයෙක් අවශ්‍ය බවත් තමන්ට එය ලබාදෙන්නේ නම් භාර ගැනීමට සූදානම් බවයි

“අපේ පළාතේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ රිලවුන්ගේ ප්‍රශ්නය. මේ සත්තු අපේ වගාවන් කන එක නවත්වන්න මම හිතනවා රිලව් ඇමතිකමක් ඕන කියලා. මට දෙනවනම් රිලා ඇමතිකම මම භාර ගන්න සූදානම්”

අද වන විට රිලවුන් සහ වදුරුන්ගෙන් බදුල්ල දිස්ත්‍රික්ය මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලට විශාල වගා හානියක් සිදුවන බවත් එය අස්වැන්නෙන් 60% පමණ වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැන් ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹ දිස්ත්‍රික්ක ද රිලවුන් පැමිණ ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණයටද ඇතුළු නැති බවත් ඔහු පැවසීය.

අද අලි මිනිස් ගැටුම විසදන්නට ඇමතිවරයෙක් පත්කර ඇති බවත් මැටි කර්මාන්ත, බතික් කර්මාන්ත ඇමතිවරුන් පත් කර ඇති ආකාරයෙන් රිලා ඇමතිකමත් ඇති කර එය බාර දුනහොත් තමන් එය භාර ගන්නා බව ඔහු සඳහන් කළේය.

බදුල්ලේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Next Post

රට පලතුරැ සොයන අයට කදුරටෙන් විසදුමක් - පෙයාර්ස් පැළ 5ක් සිටුවන්න - රහංගල ග්‍රීන් අලුත් ප්‍රභේදයකුත් ඇවිත්

Mon Sep 21 , 2020
දිනකට වාහන දහස් ගණනක් එහා මෙහා යන ලංකාවේ අංක එකේ මහමාර්ගය වන කොළඹ – නුවර පාරේ මඟ දෙපස තබාගෙන විකුණන පලතුරැ ප්‍රභේදයන් දකිනා විදේශිකයකු, ශ්‍රී ලංකාව නමැති පලතුරැ උයනට එන්නට ලැබීමේ භාග්‍යය ගැන උදම් අනනවාට සැක නැත. ඒ තරමටම විවිධත්වයකින් යුත් පලතුරැ තොගයක පාර දෙපැත්තෙන්ම අපට හමුවේ. අන්නාසි, අඹ, අලිපේර, […]

තවත් මෙවැනිම පුවත්..........