මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති මහල් 4කින් සමන්විත නිවසක් කඩා වැටීමකට ලක්ව තිබේ.
හිටපු බස්නායක නිලමේවරයෙකුට අයත් බව කියන මෙම නිවස කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි අය නිවසින් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබේ.
කෙසේ වෙතත්මෙ ම නිවස අසළ නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවසේ සිටි කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවාගේ මව හා පියා අතුරුදන්ව තිබේ.
මහනුවර බූවැලිකඩ ප්රදේශයේ ගිලා බැසීමට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී මිය ගිය යාබද නිවසේ බිළිඳාගේ මව හා පියා ද සුන්බුන් අතර සිරවී සිටින බව ලද තොරතුරු අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුමක් ක්රියාත්මක කර ඇතැයි මහනුවර පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා පැවසීය .
යුද්ධ හමුදාව ,පොලිසිය හා සහන කණ්ඩායම් රැසක් ඔවුන් මුදවා ගැනීම සඳහා යුහුසුළුව ක්රියාත්මක වන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය