ශ්‍රී ලංකන් එකෙන් ඉතාලි යවපු හැටි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවක පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක ලෙස ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කර ව්‍යාජ ආගමන විගමන මුද්‍රා විදේශ ගමන් බලපත්‍ර වලට ඇතුළත් කොට ව්‍යාජ බෝඩිං බලපත‍්‍ර සකසා කලක් තිස්සේ විශාල පිරිසක් වංචනිකව ඉතාලි යවා කෝටි ගණනින් වංචනිකව මුදල් ඉපයූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කළ අප. රාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම කල්ලිය සහ එහි මහ මොළකරු අත්-අඩංගුවට ගැනීමට සමත්වී ඇත. 

මෙම සංවිධානාත්මක ජාවා.රම පිළිබඳව අනාවරණය වී ඇත්තේ පසුගිය ජුලි 27 වැනිදා ව්‍යාජ වීසා සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා ඇතුළත් කළ විදේශ ගමන් බලපත‍්‍රයක ආධාරයෙන් වංචනිකව ඉතාලිය බලා යෑමට ගුවන්තොටුපළට පැමිණි වරුණ ගුණතිලක නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පුළුල් විමර්ශනයේදීය.

එම පරීක්‍ෂණයේදී අනාවරණය වූයේ මෙම වංචනික විදේශ ගමන් බලපත්‍රයට ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කොට ඇතුළු කිරීමට කටයුතු සිදුකර ඇත්තේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් වන නිව්මාල් රත්නසේකර, ජෝන් ෂෙමොන් රොජර්, දිලික් මදුසංඛ ප‍්‍රනාන්දු, නාරද තිලීප පීරිස් නමැත්තන් විසින් බවයි.

අප. රාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පිරිස අත් -ඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට තිබිණි.

වැඩිදුර විමර්ශනයේදී එම ජාවා.රමේ මහ මොළකරු වන අන්වර්ථ නාමයන් දෙකකින් පෙනී සිටින වෙන්නප්පුවේ පදිංචි ඩබ්ලිව්. අජිත් නොහොත් නිව්ටන් නොහොත් නීල් නමැත්තා ද අත්- අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇත.

මෙම සැකකරුවන්ට එරෙහි එල්ලවූ චෝදනාව වූයේ එම වoචනික කි‍්‍රයාවන්ට ආධාර අනුබලදීම සහ නීති විරෝධී විදේශ ගමන් සංවිධානය කිරීමයි.

අධිකරණයේදී සැකකරුවන්ට ඇප ඉල්ලා සිටි අතර එම නීති විරෝධී ගමන සංවිධානය කළ මහ මොළකරු වන ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන්ට දැඩි කොන්දේසි මත ඇප නියම කර රිමාන්ඞ් භාරයෙන් මුදාහරිනු ලැබූහ.

මෙම නීති විරෝධී ගමන සංවිධානය කළ ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති දෙදෙනාට ඇප ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඔවුන් මේ මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධ.නාගාර ගත කිරීමට නියෝග කළාය. අප.රාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මඬුල්ලක් සමග නීතිඥ සවිකුල ගුණතිලක හා ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක යන මහත්වරු පෙනී සිටියහ. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 දා පැවැත්වේ.

Next Post

ලොව පිළිගත් රෙදිපිලි පරීක්ෂාගාරවල පරීක්ෂාවට ලක් කළ යුදහමුදාවට දුන්න නිල ඇදුමේ ඇත්ත කතාව

Fri Sep 18 , 2020
යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළාකය වෙත අලුතින් හඳුන්වා දුන් නිල ඇඳුම පාරජම්බුල කිරණ හා බැක්ටීරියා ආසාදනවලින් සොල්දාදුවන් ආරක්ෂා කරන විශේෂිත වුවක් බව යුද හමුදාව සඳහන් කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල හමුදාවන්ට සුවිශේෂී මෙහෙයුම්වලට ලබාදෙන මෙම නිල ඇඳුම ලොව පිළිගත් රෙදිපිලි පරීක්ෂාගාරවල පරීක්ෂාවට ලක් කළ එකකි. […]