වසර 16ක් තිස්සෙ කිසිම වැටුපක් නොලබා දරුවන්ට ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙක්

වසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

නමින් එම්.ජී කමල් ප්‍රසන්න වන මෙම ගුරුවරයා 2004 ජනවාරි මස අට(08) සිට අඛණ්ඩව වසර දහසයක් මාර/ කන්දිල්පාන කණිෂ්ඨ විදුහලේ (බටයායා,දෙනියාය ) ස්වේච්ඡාවෙන් සේවය කරයි.

බුද්ධ ධර්මය ,චිත්‍ර ,ඉතිහාසය,කෘෂිකර්මය වැනි විෂයන් උගන්වමින් පාසලේ ප්‍රතිපල ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙන කමල් ප්‍රසන්න මහතාට උපතින්ම පාදයේ ආබාධිත තත්ත්වයක් පැවතුණත් එය බාධාවක් කර නොගෙන මේ පාසලේ දරුවන් වෙනුවෙන් තම උපරිම සේවය ඉටු කිරීමට ඔහු වෙහෙස වේ.

ඔහු අ.පො.ස උසස් පෙළ , ධර්මාචාර්ය , දහම් පාසල් ගුරු විභාගය ආදී සුදුසුකම් රැසක් සපුරා ඇති නමුත් මේ වන තෙක් ඔහුට කිසිඳු ස්ථිර රැකියාවක් ලැබී නොමැත.දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමන්ගේ ප්‍රශංසා සහතිකයෙන් පවා පිදුම් ලැබූ මේ ගුරුවරයා රජයෙන් ඉල්ලා සිටින්නේ වසර 16ක ගුරු සේවයේ පළ පුරුද්ද සලකා හෝ තමන්ට  පාසල් අනධ්‍යයන නිළධාරියෙකු ලෙස වැඩ කිරීමට හෝ රැකියාව ස්ථිර කර  දෙන ලෙසයි.

නෙළුව නෙල්කා


Next Post

හෙට සිට කොළඹට එන යතුරු පැදි හා ත්‍රී වීල් වලට දැනුම් දීමක්

Tue Sep 15 , 2020
කොළඹ නගරයට ඇතුළු වන යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට මාර්ගයේ වම් පස තීරුව හෝ බස් ප්‍රමුඛතා මංතීරුව භාවිත කරන්න ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, කොළඹ රථවාහන තදබදයට පිළිමයක් වෙනුවෙන් කරන අත්හදාබැලීමක් වශයෙන් මෙය ක්‍රියාත්මක කරන බවය. ඊයේ(14) දිනයේ සිට […]

තවත් මෙවැනිම පුවත්..........