පළාත මාරු වන විට වාහන සඳහා නව අංක තහඩුවක් ලබාගැනීමට අවශ්‍ය නොවන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
දිවයිනටම බලපාන නව අංක තහඩුවක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නා බැවින් වාහන විකුණන වාරයක් පාසා නව අංක තහඩු ලබාගැනීමට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වාහනයේ අංක තහඩුව ස්කෑන් කිරීමකදී වාහනයේ හිමිකරු ඇතුලු සියලු තොරතුරු ලැබෙන පරිදි මෙම ක්‍රමවේදය සකස් කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම රියදුරු බලපත්‍රය සහ අංක තහඩු ලබාගැනීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ගොස් රස්තියාදු වීමට අවශ්‍ය නොවන බවත් අධිවේගි තැපෑලයෙන් ඒවා කඩිනමින් හිමිකරුට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.
එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත.
එහෙත් මේ පිළිබඳ කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කළ යතුරුපැදි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
ඒ අනුව එම යතුරුපැදි ලියාපදිංචි කිරීම රුපියල් ලක්ෂ අටක අධිභාරයක් යටතේ සිදුකිරීමට නියමිතය.