උඩවලව රක්ෂිතයත් විනාශයි

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෝදාගම ග්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පුද්ගලයකු විසින් ඩෝසර් කර මහා පරිමාණ විනාශයක් සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මෙම මහා වන විනාශය සිදු කර ඇති ප්‍රදේශයේ අලි ඇතුන්  මුවන් ගෝනුන්  වඳුරන්  සතුන් හා  ප්‍රදේශයට ආවේනික කුරුලු විශේෂය ජීවත් වන බව ප්‍රදේශවාසීහු පවසති

සතියක් ඇතුළත මෙම වන විනාශය සිදු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන ජීවී කාර්යාලය, පොලීසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කලත් මෙම මහා විනාශ වන විනාශය නවතා ගැනීමට නොහැකි වූ බවද ප්‍රදේශවාසීහු පවසති.




Next Post

වසර 16ක් තිස්සෙ කිසිම වැටුපක් නොලබා දරුවන්ට ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙක්

Tue Sep 15 , 2020
වසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය. නමින් එම්.ජී කමල් ප්‍රසන්න වන මෙම ගුරුවරයා 2004 ජනවාරි මස අට(08) සිට අඛණ්ඩව වසර දහසයක් මාර/ කන්දිල්පාන කණිෂ්ඨ විදුහලේ (බටයායා,දෙනියාය ) ස්වේච්ඡාවෙන් සේවය කරයි. බුද්ධ […]

තවත් මෙවැනිම පුවත්..........