පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාසි පිට වාසි – මුල්ම වටයට 79 දෙනෙකුට වාසනාව ගෙන දේ

මෙවර පාර්ලිමේන්තුවට සඳහා මුල් වරට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් සඳහා නුදුරේදීම තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙසේ මුල් වටයේදී වාහන බලපත්‍ර හිමි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 79කි.

ඔවුන්ට වාහන බලපත්‍ර ලබා දීමෙන් පසු සෙසු මන්ත්‍රීවරුන්ටද බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

මන්ත්‍රී වාහන බලපත්‍රයක් සඳහා තීරු ලක්ෂ 65ක පමණ බදු සහනයක් හිමිවෙයි.

නමුත් මෙරටට වාහන ගෙන්වීම දැනට තහනම් කර ඇති නිසා එම තහනම ඉවත් කළ විට වාහන මිලදී ගත හැකි වනු ඇත.

රජයේ නිලධාරීන් සඳහා ද රුපියල් ලක්ෂ 36ක බදු සහන සහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමටද නියමිතව තිබේ.

Next Post

ගව මස් ගැන රනිල් කතා කරයි

Sat Sep 12 , 2020
හරක් මස් ගැන තීන්දුව සිංහල බෙෳද්ධයන් තවදුරටත් රවටා ගැනීම මෙන්ම මුස්ලිම්වරැන්ටත් ඍජු බලපෑමක් එල්ල කිරීම යටි අරමුණ විය හැකියි. හරක් මස් පරිභෝජනය කරන්නේ ඔවුන් විතරක් නොවෙයි. කතෝලික මෙන්ම සිංහල සමාජය තුළත් ඒ මස් පරිභෝජනය වෙනවා. පිටරටින් හරක් මස් ගෙනත් අඩු මිලට දෙන්න බෑ. බදු ඉවත් කළොත් ආර්ථිකය ඉවරයි. සංචාරකයන් එන්න […]

Breaking News