ගව මස් ගැන රනිල් කතා කරයි

හරක් මස් ගැන තීන්දුව සිංහල බෙෳද්ධයන් තවදුරටත් රවටා ගැනීම මෙන්ම මුස්ලිම්වරැන්ටත් ඍජු බලපෑමක් එල්ල කිරීම යටි අරමුණ විය හැකියි. හරක් මස් පරිභෝජනය කරන්නේ ඔවුන් විතරක් නොවෙයි. කතෝලික මෙන්ම සිංහල සමාජය තුළත් ඒ මස් පරිභෝජනය වෙනවා.

පිටරටින් හරක් මස් ගෙනත් අඩු මිලට දෙන්න බෑ. බදු ඉවත් කළොත් ආර්ථිකය ඉවරයි. සංචාරකයන් එන්න පටන් ගත්තහම ඔවුන් ඉල්ලන මස් දෙන්නේ කොහොමද? ඉන්දියාව තුළින් මස් පිටට යවන්නත් බෑ, ඇතුළට ගේන්නත් බෑ. එහෙම නම් අපිට යුරෝපය, දකුණු ඇමෙරිකාව හෝ ඕස්ටේ්‍රලියාවෙන් අධික මිලට මස් ගෙන ඒමේ හැකියාව තියෙනවද?

අනෙක එක හරකෙක් වෙනුවෙන් කුකුල්ලු 200ක් විතර බිලිදෙන්න වේවි. පරිසරය වනසලා. කැලෑවේ ඉන්න අපේ මුව, ගෝන්නු සහ වල් උෳරන්ගේ ඉරණමත් මේකෙන් විශාල අභියෝගයකට ලක් වෙනවා. සිංහල බෙෳද්ධ රටක ගව ඝාතනය නැවැත්වීම දිරිදිය යුත්තක්. ඒත් ඒකට විකල්ප ක්‍රීයාමාර්ග නොයොදා ක්ෂණිකව මෙවැනි තීන්දු ගැනීමෙන් නැති අවුල් ඇති වෙනවා.” එ.ජා.ප. ඉහළ නිලධාරියකු කළ විග්‍රහය නායකයා ඇතුළු සියලු දෙනා අනුමත කළහ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරැවාදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේදී පැවැත්වුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. එදින උදෑසන 11.30ට පමණ ආරම්භ වූ කණ්ඩායම් රැස්වීම පැයකට ආසන්න කාලයක් පැවැතිණි. සතියේ පාර්ලිමේන්තු වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු මුලින්ම කතා කළේ අගමැති මහින්දය. “මේ වෙනකොට රටේ හැමතැනකින්ම වගේ ඉල්ලීම් ඇවිත් තියෙනවා ගව ඝාතනය නවත්තන්න කියලා.

මේ ගැන මම හුඟදෙනෙක් එක්ක කතා කළා. ඔවුන් හැමෝම වගේ කිව්වේ ගව ඝාතනය තහනම් කරන්න කියලයි. ඒ නිසා ගව ඝාතනය තහනම් කරන්න මම යෝජනාවක් ගේනවා” අගමැති මහින්ද කීවේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරැන්ට සියලුදෙනාම කීවේ එය හොඳ යෝජනාවක් බවය. සියලුදෙනා අගමැතිවරයාගේ යෝජනාව අනුමත කළේ අත්පොළසන් දෙමිනි.

අගමැති මහින්ද මෙහිදී ඇතැම් ප්‍රදේශවල සිදුවන වන විනාශ ගැනය. “දැන් මේ වන විනාශයත් ලොකු ප්‍රශ්නයක්. වගා කරන්න කියලා කාටවත් රක්ෂිත කපන්න ඉඩ දෙන්න බෑ. සමහරැ හිතාගෙන ඉන්නේ ආණ්ඩුව කැලෑ කපනවා කියලයි. අපි මේ ගැන දැඩිව නීතිය ක්‍රීයාත්මක කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ” අගමැති මහින්ද කීවේය

Next Post

දුප්පත් ගොවි පවුලක ඉපදී ලෝකෙටම යානා වාහන හදපු බෞද්ධාගමික වතාවත්වලට අනුව අවසන් ගමන් ගිය ‘හුන්ඩායි’

Sat Sep 12 , 2020
Hyundai යන නාමය ගැන පාඨක ඔබට අමුතුවෙන් කිව යුතු නොවන්නේ මේ නාමය බොහෝ දෙනා අතර ප්‍රකට නිසාය. එලෙසින් Hyundai ප්‍රකටව ඇත්තේ මෝටර් රථ නිෂ්පාදනය, නෞකා නිෂ්පාදනය, යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, මෙන්ම ඉදිකිරීම් ඇතුළු දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධවූ ලෝ ප්‍රකට සමුහ සමාගමක් වන බැවිනි. මෝටර් රථ භාවිත කරන ශ්‍රී ලාංකිකය බොහෝ දෙනා Hyundai […]

Breaking News