රජය වාහන දුම් පරීක්ෂාව නවතයි – ඒ වෙනුවට හදුන්වා දෙන සහතිකය මෙන්න

වාහන දුම් පරීක්ෂාව  වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් හදුන්වාදීමට කටයුතු කරන බව  වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

දුම් පරීක්ෂාවට අමතරව, තිරිංග පද්ධතිය, විදුලි පද්ධතිය, ටයර් ආදී වාහනයේ සියලුම උපාංග පිළිබඳ පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පරීක්ෂාවේදි වාහනයේ යම් ගැටලු වෙතොත් එම අවස්තාවේදීම ඒවා අලුත්වැඩියා කිරීමට අවශය නවීන තාක්ෂණය ඇතුලත්  නව ක්‍රමවේදයක් හදුන්වාදෙන බවද සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි රාජ්‍ය අමාතයාංශයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

රාජයේ වාහන ඇතුලු සියලු වාහන මේ පරීක්ෂාවට බාජනය වීම අනිවාර්ය කරන බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.

වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදීමේ අරමුනින් මෙම යෝග්‍යතා පරීක්ෂණ එම පුද්ගලයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Next Post

රියදුරු බලපත්‍ර ගන්න අයට නීති ලිහිල් වේ - මේක නම් ගොඩක් දෙනෙක්ට ලොකු සහනයක්

Fri Sep 11 , 2020
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන්  රියදුරු බලපත්‍රය අහිමි කිරීමක් මින් ඉදිරියට සිදුනොවන […]

Breaking News