නැවත භාවිත කළ නොහැකි මුඛ ආවරණ 3128ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ. ඒ සියල්ලම මුද්‍රා තබා තිබෙන බව පැවසේ.
ඊයේ දින (10) දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුඛ ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන තිබේ.
කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහත පවසා සිටියේ,පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුඛ ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් මෙලෙස වේලීමට තබා තිබුන බවයි.
පසුව කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එහි හිමි කරුවන් පවසා ඇත්තේ වැස්සට තෙමී ගොස් ඇති බවින් අදාල මුඛ ආවරණ තොගය වියලීම සිදුකරණ බවයි.
මේ නිසා අදාල මුඛ ආවරණ තොගය හිමිකරුවන් සමග ම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙනවිත් මුඛ ආවරණ තොගය මුද්‍රා තබා ඇත.
එහි හිමිකරුවන් සහ මුඛ ආවරණ මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.