රියදුරු බලපත්‍ර ගන්න අයට නීති ලිහිල් වේ – මේක නම් ගොඩක් දෙනෙක්ට ලොකු සහනයක්

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිඳු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන්  රියදුරු බලපත්‍රය අහිමි කිරීමක් මින් ඉදිරියට සිදුනොවන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍ය සහතිකය ලබාදීමේදී රුධිර පරීක්ෂාව සේවයක් හැටියට  පමණක් සිදුකිරීමට තීරණයක් ගෙන ඇති බවද සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි රාජ්‍ය අමාතයාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

වෛද්‍ය සහතිකය නිකුත් කිරීමේදී ඇස් පරීක්ෂාව පමණක් ප්‍රධාන පරීක්ෂාව ලෙස සැලකිල්ලට ගන්නා බවද  ඔහු සඳහන් කළේය.

ඇස් පෙනීම යම් මට්ටමකින් දුර්වල සහ  සුලු ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී තැරැව්කරුවන්ට මුදල් දීම අවශ්‍ය නොමැති බවත්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  නියම කරන ලද මුදල පමණක් ගෙවා කඩිනමින් එම සේවා ලබාදීමට අවස්ථාව සලසා දී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකොන් මහතාද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Next Post

අවමංගල්‍යය මංගල උත්සවයක් වුනු ලෙබනන් ගින්නෙන් දිවි අහිමි වූ සුරූපිණියගේ සංවේදි කතාව

Fri Sep 11 , 2020
බිත්තියේ රැඳවූ ලොකු ඔරලෝසුවේ, වෙලාව සටහන් වූයේ සවස 5:42 ක් ලෙසිනි. ‘ගින්නක් !’ අනතුරු නළා නාද වෙද්දී, ලහිලහියේ ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින් සැරැසුණු ගිනිභටයෝ දස දෙනා ගිනි නිවන ට‍්‍රක් රථවලට නැග ගත්හ. ‘ඉක්මන් කරන්න. වරයේ ගින්නක්. ඉක්මන් කරන්න. කෝ ෆෙරාස් ?’ ගිනි නිවන ඒකකයේ ප‍්‍රධානියා කෑ මොර දෙන්න විය. ‘මම එනවා’ […]

Breaking News