Warning: sprintf(): Too few arguments in /home/ranilasa/webgossip24.com/wp-content/themes/default-mag/assets/libraries/breadcrumb-trail/inc/breadcrumbs.php on line 254

බිත්තර ගණන් වැඩියි – හෝටලේකින් කෑම වලට දැමූ අමුතු බිත්තරේ

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් 9 වැනිදා වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබේ.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී තිබේ.

නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ.

වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබේ.

මේ දිනවල බිත්තර මිල ගණන් අධික නිසා හෝටල් හිමියා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන අතර ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

රසාදි චතුරංගි ගමගේ – මව්බිම

Next Post

මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි - මව විදුහල්පතිට යෑවූ සංවේදි ලිපිය

Fri Sep 11 , 2020
කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක්  දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත. ඇය ලිපියක් මගින් තමන්ට මෙම දැනුම්දීම කර ඇතැයි එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නමැති 38 […]

Breaking News