බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ මාගරින්, ෆාම් ඔයිල්, සීනි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වත් ඉහළ දැමීමට සිදුවී ඇති බව බේකරි සංගමයේ සභාපති ඒ.කේ. ජයවර්ධන මහතා පවසයි.
බිත්තරයක මිල රුපියල් දෙකකින් පහළ දැමීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද පිටරටින් බිත්තර ගෙන ඒමට සූදානමක් තිබුණද ඒ සඳහා රජය අවසර ලබාදිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
රුපියල් තුන්සියයට පමණ තිබූ මාගරින් කිලෝවක මිල මේ වනවිට රුපියල් හාරසියය දක්වා ඉහළ ගොස් ඇතැයිද ෆාම් තෙල් ලීටරයක් රු. 500ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා පැවසීය.
තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි. ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 5ක් සහ පළමුවරට නියෝජ්‍ය අමාත්‍ය ධූර 5ක් වශයෙන් මෙම අමාත්‍ය ධූර බෙදී යනු ඇති බව වාර්තා වේ.
තනතුරු නොමැතිව සිටින ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට සහ ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකුට මෙම අමාත්‍ය ධූර හිමිවීමේ ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
උපුටාගැනීම – අද පුවත්පතින්