මහින්ද පැන්ෂන් ගනී – බැසිල් අගමැති? තවත් කැබිනට් සහ නි.ඇමතිධූර කීපයක් පත් කරයි

තවත් ඇමතිධූර කිහිපයක් අලුතින් ලබාදීමට ආණ්ඩුවේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.කැබිනට් සහ නියෝජ්‍ය ඇමති ඇමතිධුර මෙලෙස ලබාදීමට නියමිතව සූදානමක් ඇතැයි සදහන්ය.

දැනටත් තනතුරු නොලද ආණ්ඩුවේ සිටින ජේෂ්ඨයන් කිහිප දෙනෙකුටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇමතිධුර හිමු වනු ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඩේලිමිරර් පුවත්පතේ පළ වූ වාර්තාවක් පාදක කරමින් මෙම වාර්තාවන් පළ කර ඇත.ඩේලි මිරර් වාර්තාවේ දැක්වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකකින් පමණ දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇති බව අපේක්ෂා කල හැකි බවයි.

ඒ වෙනුවට පාර්ලිමේන්තුවට තවත් රාජපක්ෂ සහෝදරයෙකු පිවිසෙනු ඇති බවත් ඔහු මීලග අග්‍රාමාත්‍ය ධූරයට පත් වනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ සැනින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි වූවද ඔහු එතරම් ඉක්මනින් පාර්ලිමේන්තුවට නොපැමිනෙනු ඇති බව ද සමීප ආරංචි මාර්ග පැවසීය.

Next Post

පුංචි අත පැය හතෙන් යළි හදයි - වෛද්‍ය කණ්ඩායම අභියෝගය ජය ගත් හැටි

Wed Sep 9 , 2020
මුදා ගැනීමේ නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විත ගිනි නිවන හමුදාවේ නිලරථයක් පෙරටුකර ගනිමින් පැමිණි ගිලන්රථය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන විට රාත්‍රී 6.45 පසු වූවා පමණි. රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුලුව ගිලන්රථයේ සිටි ළමා රෝගියා පිටතට ගත්තේය. ඒ සැණින්ම වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කළේ දරුවාගේ වේදනාබර හැඬීමත් සමගයි. මොකක්ද මේ කරගෙන […]

Breaking News