2/3කින් සම්මත කර ගැනීමත් අර්බුදයක් – ඇමතිවරු කීපදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඒ අතර

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීමට විරෝධය

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු  ඇතුළු  මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව ‘අද’ පුවත් පත වාර්තා කරයි.

එම වගන්ති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති මණ්ඩලය පත් කිරීමේදී තිබූ ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීම යන කරුණු මේ සඳහා මූලික වී තිබේ.

මෙම වගන්ති තුන 20 වැනි සංශෝධනයට ඇතුළත් නොවීම පිළිබඳ ආණ්ඩු පක්‍ෂයේම අමාත්‍යවරු කීපදෙනෙකුගෙන් හා මන්ත්‍රීවරු පිරිසකගෙන් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා විය.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවර විසිදෙනෙකු පමණ ඒ අතර වන බවත්, උක්ත වගන්ති ත්‍රිත්වය අනිවාර්යයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු බවට අදහස් පළ වී ඇති බවත් වාර්තා වේ.

Next Post

ඉඩම් වෙන්දේසි සමාගම සෑදූ තාප්පය නිසා නිදි ඇදේදීම 27 හැවිරිදි තරුණිය අවසන් ගමනේ....

Tue Sep 8 , 2020
කඩුවෙල, කොතලාවල පාසල් මාවතේ නිවෙසක් මතට අනාරක්ෂිතව ඉදිකළ තාප්පයක් කඩා වැටීමෙන් එම නිවෙසේ කාමරයක් තුළ නිදා සිටි 27 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්වී ඇයගේ මව බරපතළ තුවාල ලබා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබේ.  පෙරේදා (06දා) රාත්‍රි 11.00ට පමණ අධික වර්ෂාවත් සමඟ කඩා වැටුණු තාප්පයට යටවී මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ […]