පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට ම ර ණ දඬුවම නියමව රි.මා න්ඩ් බන්ධ.නාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධ.නාගාර ආරක්ෂාව යටතේ පැමිණියේ ය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි.
බන්ධනා.ගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අනුව පාර්ලිමේන්තුවට පැමිණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ රත්නපුර, කුරුවිට, නිවිතිගල ආදි ප්‍රදේශවල ඔහුගේ ආධාරකරුවෝ රතිඤ්ඥා දල්වා ඒ සතුට සැමරූහ.
ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් බව සැලවීමත් සමගම ඔවුහු මෙසේ රතිඤ්ඤා දැල්වූහ.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 142,037ක් ලබාගෙන ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්විය. නාමයෝජනා දෙන විට ජයසේකර මහතාට මි.නී මැ.රු ම් නඩුවේ තීන්දුව දීමට නියමිතව තිබුණි. ඡන්දයට පෙර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ අතර ඉන් ඔහු වරදකරු විය. ඔහුට මර.ණීය දණ්ඩ.නය නියම විය.
මර.ණ දඬු.වම නියම වී ඇති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සභා ගැබෙන් ඉවත්ව ගියේය.
ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධවීමට හැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අනුව අද දිනයේ ඔහු පාර්ලිමේන්තු සැසිවාරයට එක්විය.
එහිදී ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර එම අවස්ථාවේදීද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය ප්‍රකාශ කළේය.
තම අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පැවැසීය. අද (08දා) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මට දිවුරලා කියන්න පුළුවන් මම දේශපාලන වශයෙන් මගේ අත්වල ලේ හෝ කුණු ගාගෙන නෑ. දේශපාලනයේදී බහින් බස් වීම වෙන්න පුළුවන්. 2001 සිට 2020 දක්වා සියලුම මැතිවරණ මම ජයග්‍රහණය කළා. අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න අපෙන් පළි ගන්න කටයුතු කළා.
නොකරපු වරදට දඬුවම් ලබාදුන්නා. දුමින්ද සිල්වා නඩුවේදි කටයුතු කරපු ආකාරය අපිට පෙනුනා. හඬ පට තිබෙනවා. මේක අපරාධයක්, මම එහෙම කළේ නෑ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. රත්නපුර දිස්ත්‍රික් ජනතාව මා ගැන විශ්වාසය තබා තිබෙනවා.”